රුපියල් 50කට ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ගල්කිස්ස ආපනාශාවක් තුළ දී එහි හිමිකරුට පිහියකින් ඇණ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පසුගිය 22 වනදින මෙම ආපනශාලවේ කොස් අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු එම කොස් සඳහා රුපියල් 250ක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර නමුත් ආපනශාලා හිමිකරුට දිය හැක්කේ රුපියල් 200ක් බව පැවසීමෙන් අනතුරුව් සිඳු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙලෙස ආපනාශාලා හිමිකරුව ඝාතනය කර ඇති බව සඳහන්.
සිද්ධියෙන් අනතුරුව පලා ගොස් සිටි සැකකරු පොලිසියට ලද තොරතුරකට අනුව රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය ප්‍රකාශ කර තිබේ.
සැකකරු රත්මලාන ප්‍රදේශයේපදිංචි 31 හැවිරිදි අයෙකි.














































