මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරක මරා දමා තිබියදී හමුවූ 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් තරුණිය දූෂණය කර මරා දමා ඇති බවට විමර්ශණ වලින් හෙලිදරව් වී තිබේ.
ඊට අදාළව සැකපිට ආබාධිත යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සුනඛයාගේ ආධාරයෙන්ය.මෙම ඝාතනය ඔහු විසින් සිදු කල බවට ස්ථීර කර ගැනීම සදහා ඔහුගේ සහ මියගිය කාන්තාවගේ DNA සාම්පල පරීක්ෂණ සදහා නිකුත් කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
පොලිස් සුනඛයා මාර්ගයෙන් පොලිසිය එම නිවසට යන විටත් ඔහුගේ සරමේ සහ නියපොතු කිහිපයක මඩ තැවරී තිබීම හේතුවෙන් පොලීසියේ සැකය ඔහු වෙත එල්ල වී තිබේ.
ඒ අනුව සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කල බවට වාර්තා වේ














































