වසර ගණනාවක් රේගුව භාරයේ වරාය තුළ රඳවා තිබූ සහල් කන්ටේනර්වල ඇති සහල් කිලෝග්‍රෑම් මිලියනයක් මුදාහැරීමට පියවර ගෙන ඇති බව මුදල්, ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
එම සහල් තොගය ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79ක තිබී ඇති අතර වරායේ සහ රේගුවේ නිලධාරීන් සමග ඊයේ (12) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මුදල් රාජ්‍ය අමාත්‍යංශය පෙන්වා දී ඇත්තේ අදාළ සාකච්ඡාවේදී කොළඹ වරායේ පවතින අධික තදබදය අවම කිරීමට දැනට රේගුව මගින් එහි රඳවා ඇති කන්ටේනර් 950කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තුවලින් තොරව මුදාහැරීමට තීරණය කළ බවයි.
එමෙන්ම මුදා හැරීමට නියමිත කන්ටේනර් ලැයිස්තුවේ සහල්වලට අමතරව කරුන්කා සහ කහ තොග පවතින ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව ඒවා මුදා හැරීමට පියවර ගන්නා බව ද එහි දී සාකච්ඡා වී ඇත.












































