නාරම්මල ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 31 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අද නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
නාරම්මල, රන්මුතුගලදී ලොරි රථය පරීක්ෂා කළ සැකකාර පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් තිදරු පියෙකු වූ 41 හැවිරිදි රොෂාන් කුමාරතිලක ට දිවි අහිමිවුයේ පසුගිය 18වනදාය.
සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































