English
සිංහල
01:10 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රොෂාන් ගුණතිලකගේ අණින්, මිසින් කල  මිග් යානා ගනුදෙනුවට අදාළ ලිපිගොනුව

    NN. Niluka by NN. Niluka
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    .

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් යානා ගනුදෙනුවේ වංචාව ඩොලර් මිලියන 15 ක් බවත්, එම කූප්‍රකට ගනුදෙනුවට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ සිදුවන පරික්ෂණයන් මන්දගාමී බවත්, වාර්තා වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවට එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමටත් පෙර ගුවන් හමුදාධිපති රොෂාන් ගුණතිලක සමයේමය.

    ගුවන් හමුදාධිපති රොෂාන් ගුණතිලකගේ නියමයෙන්, ඔහුගේ  ආරක්ෂක නිළධාරියෙකු එම ලිපි ගොනුව රැගෙන විත් බාර දි තිබෙන්නේ ඔහුගේ ප්‍රධාන සහකාර නිලධාරියට බවට එම කාලයේදී ගුවන් හමුදාව තුල ප්‍රචලිතව තිබුනේය. ගුවන් හමුදාව තුල තිබු එම ලිපිගොනුව, ඔහුගෙන් පසුව එන ගුවන් හමුදාධිපතිට බාර දිය යුතුය. ඒ එම ලිපිගොනුව රාජ්‍යයන් දෙකක් අතර සිදු වූ ගනුදෙනුවක් බැවිනි.

    එසේම ගුවන් හමුදාධිපති රොෂාන් ගුණතිලකගේ උපදෙස් මත රවී ජයසිංහ නම් වූ එම නිලධාරියා විසින් එම ලිපිගොනුව විනාශකල බවටද එකල කතාබහක් පැතිර ගියේය.

    දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල යුත්තේ, මෙම ලිපි ගොනුව පිළිබඳව එකල කටයුතු කල සියලුම නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කිරීමය. ඒ අයුරින් විධිමත්, පුළුල් විමර්ශනයක් කළහොත්, ඒ පිළිබඳව සියලු තොරතුරු සොයාගත හැකිවනු ඇත. එසේම හිටපු ගුවන් හමුදාධිපති රොෂාන් ගුණතිලක, ඔහුගේ ආරක්ෂක නිලධාරින්, ඔහුගේ අධි සහායක නිලධාරින් ගෙන්වා, දිගින් දිගටම, රදවාගෙන ප්‍රශ්න කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට බලය තිබේ. විය යුත්තේද එයමය. ලිපි ගොනුවේ වගකීම සම්පුර්නයෙන්ම තිබෙන්නේ එකල සිටි ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකය.

    කෙසේ වුවත්, එම ලිපිගොනුව පිළිබඳව එකල සිටි ගුවන් හමුදාධිපති සම්පුර්ණයෙන්ම වග කිව යුතුය. ලිපි ගොනුව අතුරුදහන් නම් එයටද ඔහු වගකිව යුතුය. එබැවින්, ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලයද, එම ලිපිගොනුවේ ගමන් මාර්ගයද සෙවිය යුතු වුවත්, එම පොත් පත් මේ වන විට විනාශ කර තිබිය හැකිය. හිටපු ගුවන් හමුදාධිපති රොෂාන් ගුණතිලක සමයේම මෙය අතුරුදහන් වුයේ නම්, ඉන් කියවෙන්නේ මෙම කූප්‍රකට ගනුදෙනුවට ඔහුද සම්බන්ධ බවයි.

    එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව දැන් කල යුත්තේ එම කාලයේ ගුවන් හමුදාවේ අදාළ ස්ථානවල සිටි පුද්ගලයන් ගෙන්වා, ඔවුන්ගේ ප්‍රකාශ මත, තොරතුරු සොයා ලිපිගොනුවේ වගකිව යුතු පාර්ශ්වයන් සෙවීමය. එසේ නොමැතිනම් මිග් ගනුදෙනුව සිදු වූ අනෙක් රටෙන් අදාළ සත්‍ය පිටපත රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලබාගැනීමට හැකිද යන්න විමසීමයි. ඒ අනුව මෙම මිග් ගනුදෙනුව නම්, මහා පරිමාන ලෙස රටේ, රටේ මහජන මුදල් වංචා කල හොරු රැලට දඩුවම් ලබා දිය හැකිය.

    (2008 වර්ෂයේ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවති, ගුවන් හමුදා ප්‍රධානින් ගේ ගෝලීය සමුළුවේදී ලබා ගත් ඡායාරුපයකි)

    අදාළ සිදුවීම පිළිබදව අද ලංකාදීප පුවත්පතේ වාර්තාව පහත දැක්වේ.

    ඩොලර් මිලියන 15ක් සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙකක් අතර අත්සන් කළ මිග් යානා ගනුදෙනුවට අදාළ මුල් ගිවිසුම අස්ථානගත වී ඇතැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේට දැනුම් දී ඇත.

    එයාර් වයිස් මාර්ෂල් කුමාරසිංහ රහස් පොලිසියට ප්‍රකාශයක් දෙමින්, මිග් යානා ගනුදෙනුවට අදාළ මුල් ගිවිසුම අස්ථානගත වී ඇති බව හෙළිකොට ඇතැයි කී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, වසර 08ක කාලයක් ගත වී ඇතත් රහස් පොලිසිය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද සඳහන් කර ඇත.

    මිග් යානා ගනුදෙනුවට අදාළ මුල් ගිවිසුම අස්ථානගත කළ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් නොගත් රහස් පොලිසිය, එම ගනුදෙනුවේ තැරැව්කරුවන් ලෙස පමණක් කටයුතු කළ ටී.එස්. ලී සහ එන්.ජේ. ලේක්හිම් නමැති සිංගප්පූරු ජාතිකයන් දෙදෙනා සැකකරුවන් වශයෙන් නම් කිරීමට කටයුතු කර ඇතැයි ද පෙන්වා දී තිබේ.

    නඩුවේ සැකකරුවන් නොවන සිංගප්පූරු ජාතිකයන් දෙදෙනාට නිකුත් කර ඇති නිල නිවේදන ආපසු කැඳවන්නැයි ඉල්ලමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කළ ඉල්ලීම සළකා බැලු මහේස්ත්‍රාත්වරයා, අදාළ සකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මේ මස 17 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇත.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා 2018 වසරේ දෙසැම්බර් මස 12 වැනිදා ඩොලර් මිලයන 15ක් වියදම් කර මිග් යානා මිලදී ගැනීමේදී වංචාවක් වූ බවට සඳහන් කරමින් ඉදිරිපත් වූ පැමිණිල්ලකට අදාළව විමර්ශනය කළ රහස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

    සිද්ධියේ සැකකරුවන් වශයෙන් සිංගප්පූරු ජාතික ටී. එස්. ලී, එන්.ජේ. ලේක්හිම්, පෙරගොඩව්, මයිකොලා, කුර්දකෙව් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජයනාත් කුමාරසිරි, හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග නමැත්තත් සහ ඩී. එස්. එලායන්ස් සමාගම සහ බෙලරුසා හෝල්ඩින්ග්ස් සමාගම නම් කර ඇත.

    හිටපු රුසියානු තානාපති උදයංග විරතුංග ඇප මත මුදාහැර ඇති අතර, සිංගප්පූරුවේ බෙරිමිසා සමාගමේ අධ්‍යක්ෂවරුන්වන පී. එස්. ලී, ඔහුගේ බිරියවන එන්.ජී. ලේක්හිම් යුවළ අත්අඩංගුවට ගැනීමට නියම කරමින්, ඔවුන්ට එරෙහිව අන්තර්ජාතික වරෙන්තු නිකුත් කර තිබේ.

    මෝසමක් මාර්ගයෙන් මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර සිංගප්පූරු ජාතිකයන් දෙදෙනා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කරුණු දක්වමින්, ප්‍රශ්නගත ගුවන් ගනුදෙනුවේදී තම සේවාදායකයන් දෙදෙනා තැරැව්කරුවන් ලෙස පමණක් කටයුතු කර ඇතැයි පවසා ඇත.

    ප්‍රශ්නගත මිග් යානා ගනුදෙනුවට අදාළ ගිවිසුම් අත්සන් කළ හිටපු ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මෙහි ප්‍රධාන සැකකරුවකු යැයි කී යැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ඔහු අත්අඩංගුවට නොයෙන තැරුව්කරුවන් වශයෙන් කටයුතු කළ තම සේවාදායකයන්ට වරෙන්තු නිකුත් කර ඇතැයි පවසා තිබේ.

    ප්‍රශ්නගත මිග් යානා ගනුදෙනුවට අදාළ මුල් ගිවිසුම අස්ථානගත වී ඇති බවට එයාර් වයිස් මාර්ෂල් කුමාරසිංහ ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇති හෙයින්, ඔහු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක් ද, රාජ්‍යයන් දෙකක් අතර එළැඹි ගිවිසුමක් අස්ථානගත හැකි ද යනුවෙන් ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ඩොලර් මිලියන 15ක් සම්බන්ධයෙන්වන ගනුදෙනුවක මුල් ගිවිසුම අස්ථානගත වීම සම්බන්ධයෙන් රහස් පොලිසිය අද වනතුරු පියවර ගෙන නැතැයි ද, වසර 8ක් තිස්සේ මෙම නඩුව පවත්වාගෙන යන බවද පෙන්වා දී ඇත.

    අතරමැදියන් වශයෙන් කටයුතු කළ, සිද්ධියේ කිසිදු වරදක් කර නැති විදේශ ජාතිකයන් දෙදෙනා නඩුවේ සැකකරුවන් නොවන බව බැලූ බැල්මට පෙනී යන බවත්, ඔවුන් නඩුවේ සාක්ෂිකරුවන් විය යුතු බවත්, පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ඔවුන්ට නඩුව සඳහා මෙරටට පැමිණීමට හැකි වාතාවරණයක් සකස් කර දෙන්නැයි ඉල්ලා තිබේ.

    කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල ලබන 17 වැනිදා යළි කැඳවීමට නියම කර ඇත.(ලංකාදීප)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version