හිටපු අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ් පත පසුගිය තුන් වැනිදා මාතර නිවසකට යමින් සිටින විටදී අස්ථාන ගත වූවා යැයි පවසමින් නාරාහේන්පිට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එම ක්‍රෙඩිට් කාඩ් පතෙහි තිබූ ඩොලර් 400කට ආසන්න මුදලක් වංචනික ලෙස සොරා ගත් සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.
මෙම ක්‍රියාව අන්තර්ජාල ගනුදෙනුවක් හරහා වුණු වංචනික ක්‍රියාවක් යැයි නාරාහෙන්පිට පොලීසිය විසින් අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී ඇති බව කියයි.එමෙන්ම මෙම ක්‍රෙඩිට් කාඩ් පතෙන් යම් කිසි අයෙකු විසින් ඩොලර් 387 ක අන්තර්ජාල ගනුදෙනු හතරක් සිදු කර ඇති බව අනාවර්ණය වූ බව සදහන් කරයි.
මෙම බැංකු ගිණුම් වාර්තා නිකුත් කරන ලෙස අදාළ බැංකුවේ ප්‍රධාන කාර්‍යාල කළමණකරුට නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියද රෝහිත රාජපක්ෂ රැකියාවක් කරන බවට කිසිදු වාර්තාවක් නොමැති නිසා ඔහුගේ ආදායම් මාර්ග පිළිබදව ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.














































