English
සිංහල
03:39 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලංකාවෙි පොඩිම හාමුදුරුවෝ අපවත් වෙයි. ආදාහනය හෙට.

    Video Editor by Video Editor
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අහල දැකලා තියෙනවද බණ්ඩාරනායක මැතිනිය ඇතුළු රාජ්‍ය නායකයෝ පවා ගරු කරපු ලංකාාව් පොඩිම හාමුදුරුවෝ ගැන..

    ලංකාවෙි පොඩිම හාමුදුරුවෝ
    උස අඩි4යි අඟල් 2යි

    ආදාහනය හෙට රත්නපුරේදී

    "දවසක් අපේ පණ්ඩිත හාමුදුරුවෝයි (හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි ) මමයි බණ්ඩාරනායක මැතිනිය හමුවෙන්න මහවලතැන්න වලව්වට ගියා.ඒ යන කොට වලව්වේ ස්තොප්පුවේ මේසයක් උඩ නැගලා පුංචි ළමයෙක් කතාවක් පවත්වනවා.තවත් ගැහැණු දරුවෝ දෙන්නෙක් හිනාවේවි ඒ දිහා බලාගෙන ඉන්නවා.ඒ මේසේ උඩ නැගල කකා පවත්වපු ළමයා තමයි අනුර බණ්ඩාරනායක.බිම හිනාවේවි හිටියේ සුනේත්‍රා නෝනයි, චන්ද්‍රිකා නෝනයි.අපේ පණ්ඩිත හාමුදුරුවෝ දැකල අනුර බණ්ඩාරනායක මේ⁣සෙන් බිමට පැන්නා.පස්සේ බණ්ඩාරනායක මැතිනිය ආවම අනුරව පෙන්නලා නායක හාමුදුරුවෝ කිව්වා මෙයානම් කවදා හරි තාත්ත වගේ දක්ෂක කථිකයෙක් වෙයි කියලා."

    ලංකාවේ වැඩ වෙසෙන පොඩිම ලොකු හාමුදුරුවෝ හෙවත් බුළුගහපිටියේ සුමංගල හිමියෝ සිය ජිවිතයේ රස මතක අවදිකරමින් කියන්නේය.

    රත්නපුරේ පොඩි හාමුදුරුවෝ  නමින් ප්‍රකට උන් වහන්සේගේ උස අඩි හතරයි අඟල් දෙකකි.දැන් පොඩි හාමුදුරුවන් ගේ වයස අවුරුදු 70 ඉක්මවා තිබේ.
    
    පොඩි හාමුදුරුවෝ ලෙස හැදින්වුවත් උන් වහන්සේ මේ රටේ ලොකු චරිතයක් පිටුපස සෙවනැල්ල සේ සිටි හිමිනමකි.උන් වහන්සේගේ ගුරු හිමියෝ ලංකාවම හොල්ලපු බුද්ධ පුත්‍රයෙකි.ඒ එාජකිය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියෝය.

    කෙතරම් වයස වුණත් පොඩි හාමුදුරුවෝ කඩ්සරය.තරුණ හිමිවරුන්ට වඩා වේගයෙන් උන් වහන්සේ වැඩකරති.

      සුමංගල හිමිගේ ජිවිතය කැපවි තිබුණේ හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි වෙනුවෙනි.

    “මම පණ්ඩිත හාමුදුරුවෝ යටතේ පාලි ,සංස්කෘත ඉගෙනගත්තා.මට ඒ කාලයේ ඉඳලම ටයිප් කරන්න පුළුවන්.අපේ පණ්ඩිත හාමුදුරුවෝ පත්තරවලට ලියන ලිපිමම තමයි ටයිප් කරන්නේ.මුලින්ම උන් වහන්සේ කියන දේ මම කටු සටහන් ගහගන්නනවා.පස්සේ මම ටයිප් කරල පෙන්නුවාම උන් වහන්සේ අඩුපාඩු හදනවා..”

    අපේ පණ්ඩිත හාමුදුරුවෝ අවුරුදු තුනහමාරක් මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් කරලා හිටියනේ රාජ්‍ය විරෝධ් කුමන්ත්‍රණ චෝදනාවකට.ඉතින් ඒ කාලයේ පණ්ඩිත හාමුදුරුවෝ බලන්න යන්න පාස් දෙකක් දීලා තිබුණා.අපේ මහචාර්ය හේන්පිටගෙදර ඤාණාවාස නාහිමියි මමයි නිතර බන්ධනාගාරයට ගියා පණ්ඩ්ත හාමුදුරුවෝ බලන්න.පණ්ඩිත හාමුදුරුවෝ පොත් ගොඩක් ලියලා තියෙනවා.එයින් පොත් දොළහක්ම ලිව්වේ හිරේදි.ඒවායේ ගොඩක් ක⁣ටුසටහන් ගහලා දුන්නාම මම ටයිප් කරනවා."
    
    ඒ යුගයේ පොඩි හාමුදුරුවෝ  ඤාණසිහ නාහිමියන් බැලිමට බන්ධනාගාරයට එනතුරු බලා සිටින පිරිසක්විය.ඒ ජේලර්වරුන්ය.ඒ පොඩි හාමුදුරුවන් ගෙන් ටොෆි කන්නටය.උන් වහන්සේගේ ගමන් මල්ලෙහි තිබෙන්නේ අන් කිසිවක් නොව ටොෆි අහුරුය.බන්ධනාගාරයේ දි හමුවෙනහැම කෙනෙකුටම පොඩි හාමුදුරුවන් ගෙන් ටොෆියක් වැරදුනේ නැත.
    
     පොඩි හාමුදුරුවන්ගේ ගමන් මල්ලෙන් ටොෆි රාජ්‍ය නායකයන්ට පවා දැනුදු ලැබෙන්නේය.ජනාධිවරණ සමයේදි රත්නපුරේදි හමුවුට වත්මන් ජනාධිපතිවරයාටද පොඩි හාමුදුරුවන්ගෙන් ටොෆි කිපයක් ලැබුණේයන ගමන් කකා යන ලෙස කියමිනි.
    
     බොහෝ රාජ්‍ය නායකයෝ පොඩි හාමුදුරුවෝ හොඳාන් හදුනති .ඒ ඤාණසීහ නාහිමි සමගම සිටි නිසාය.බණ්ඩාරනායක මැතිනියද පොඩි හාමුදුරුවන්ට දැක්වුයේ මහත් සුහදජනක ගෞරවයකි.වරෙක රත්නපුර ප්‍රදේශයේ රැස්විමකට පැමිණි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මුලින්ම සෙව්වේ පොඩි හාමුුදුරුන්වන්ය.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාද පොඩි හාමුදුරුවන්ගෙන් ටොෆි ලබන නායකයෙකි.අගමැතිවරයා රත්නපුර ප්‍රදේශයෙන් ගමන් බිමන් යන්නේනම් වෙලාව ඇත්නම් රත්නපුර මුද්දුව පිරිවෙනට ගොඩවැදි පොඩි හාමුදුරුවන් සකසා දෙන තේ උගුරක් බී යෑමට ප්‍රිය කරයි.

    කුඩා දරුවෝ පොඩි හාමුදුරුවන්ට බෙහෙවින් ප්‍රියකරති.උන් වහන්සේ කොහේ හෝ වැඩියේනම් මුලින්ම උන් වහන්සේ වටකර ගන්නේ කුඩා සාමණේර හිමිවරුන් හා පොඩි දරුවන්ය.ඒ සෑම කෙනෙකුටම පොඩි  හාමුදුරුවන්ගේ ගමන් මල්ලෙන් ටොෆියක් හෝ බිස්කට් එකක් ලැබෙන්නේය.
    
    "සමහර වෙලාවට දාන ගෙවල්වලට,පාංශුකූලේට ගියාම දායකයෝ මගේ දිහා පුදුමෙන් වගේ බලනවා.මොකද මම අනෙක් හාමුදුරුවෝ අතර උස අඩු නිසා වෙන්න ඇති.."පොඩි හාමුදුරුවෝ සිනාසෙමින් කියන්නේය.
    
    හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් සාහිත්‍යධරයෙකු මෙන්ම ධර්ම දේශකයෙකි.ඒ නිසාවෙන්ම රටපුරා උන් වහන්සේ ධර්ම දේශනාවලට වැඩම කළහ.පොඩි හාමුදුරුවෝ  ඒ අතීතය සිහිපත් කළේ මෙසේය.

    “පණ්ඩිත හාමුදුරුවෝ රට වටේම බණ කියන්න යනකොට මමත් උන් වහන්සේ එක්ක යනවා.ගිලන්පස දැහැත්, හැම දෙයක්ම මම වෙන වෙනම අරන් යනවා.පණ්ඩිත හාමුදුරුවෝ පොතක් ලියන්න ශ්ලෝකයක් හදන්න හිතුවොත් ඒකට වෙලාවක් බලන්නේ නැ.මහ රාත්‍රි දෙකතුන වෙනකම්ම පොත් ලියනවා.පත්තරවලට ලිපි ලියනවා.සමහර අය ඤාණසීහ හාමුදුරුවන් ⁣ගේ නම ඇහැව්වත් ළං වෙන්න බයයි.නමුත් උන් වහන්සේ එහෙම සැර කෙනෙක් නොවේ.

    සුමංගල හිමිගේ උපන් ගම ඇහැලියගොඩ බුළුගහපිටියයි.එස්.ඒ.ජේමිස් සිංඤ්ඤෝ හා ඩි.පි.රං එතනා දෙමාපියෝය.පියාගේ මුල්ගම වන්නේ නවගමුවයි.සුමංගල හිමියෝ පවුලේ වැඩිමලාය.

    ” එක දවසක් බුළුගහපිටියේ පිරිවෙනේ පිංකමක් තිබුණා.එදා බණ කිව්වේ හේන්පිටගෙදර ඤාණසීහ පණ්ඩිත හාමුදුරුවෝ.මම අම්මා සමඟ බණ අහන්න ගියා.බණ ඉවරවෙලා මමත් අමමා එක්ක ගිහාල්ලා පණ්ඩිත හාමුදුරුවන්ට වැන්දා.පණ්ඩිත හාමුදුරුවෝ ටික වෙලාවක් මගේ දිහා බලාන ඉඳලා කිව්වා මේ ළමයා මහණ කරන්න හොඳයි කියලා.මමත් ඒකට කැමැති වුණා .පස්සේ අපේ බුළුගහපිටියේ බෝදලේ පන්සලේ ධම්මාලෝක හාමුදුරුවෝයි අපේ පණ්ඩිත හාමුදුරුවෝයි බුළුගහපිටියේ පිරිවෙනේදි මාව මහණ කළා.”

    සුමංගල පොඩි හාමුදුරුවෝ  පැවිිදිවු දා හරි අපුරු සිදුවිමක් විය.පැවිදි වු දා ගමේ දායකයෝ උන් වහන්සේව පුටුවක හිඳුවාගෙන  ගම පුරාම රැගෙන ගියහ.එදාම රෑ උන් වහන්සේ ධර්ම දේශනයක්ද කළහ.

    සුමංගල පොඩි හාමුදුරුවෝ තවත අපුරු විස්තරයක් කළේ මෙසේය.

    “එක දවසක් රත්නපුර මුද්දුව පිරිවෙනේ මම බණක් කිව්වා.එතකොට අපේ පණ්ඩිත හාමුදුරුවෝත් වැඩ සිටියා.මගෙන් බණ අහන්න ගොඩක් සෙනඟ ඇවිත් සිටියා .වැඩියෙන්ම ආවේ මාව බලන්න.මම බණ හමාර කරලා ආවාසයට ආවත් බණ අහන්න ආපු සෙනග ගියේ නැහැ.විශාල පිරිසක් ආවාසය ඉස්සරට ඇවිත් හිටියා.මොකද මොකද මේ කලබලේ කියලා නායක හාමුදුරුවෝ පිරිසගෙන් ඇහැව්වා.අපිට පොඩි හාමුදුරුවෝ බලන්න ඔිනේ කියලා පිරිස කෑගහලා කිව්වා.මම හිටියේ ආවාසය ඇතුලේ.පණඩිත හාමුදුරුවෝ මට කතාකළා.පස්සේ මම ස්තොප්පුවට ආවම පණ්ඩිත හාමුදුරුවෝ මාව උස්සලා එළියේ තිබුණු තැපැල් පෙට්ටිය උඩ තිබ්බා.ආ..දැන් ඇතිතරම් පොඩි හාමුදුරුවෝ බලාගන්න කියලා නායක හාමුදුරුවෝ පිරිසට කිව්වා.”

    සුමංගල හිමියන් පොඩි හාමුදුරුවෝ ලෙස ප්‍රකට විම පිටුපසද කතාවක් තිබේ .හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් සුමංගල හිමියන් අමතා ඇත්තේ පොඩි උන්නාන්සේ ලෙසිනි.එය වැඩිහිටි හිමිනමක් කුඩා හිමිවරැන් අමතන ශාසනික සම්ප්‍රදායකි.මෙය අසා සිටි ගමේ දායකයොත් පොඩි හාමුදුරුවන්  ඇමතුවේ පොඩි උන්නාන්සේ කියාය.එය ගිහියන්ට නොගැලපෙන්නකි.ඒ නිසා ඤාණසීහ නාහිමියෝ"පොඩි හාමුදුරුවෝ " යනු⁣වෙන් සුමංගල හිමියන් අමතන්නට පටන් ගත්තේය.ඒ නම ලියාපදිංචි වුනේ එලෙසිනි.

    හේන්පිටගෙදර ඤාණසීහ නාහිමිගේ ලිපි ලේඛන කටයුතු ක්‍රමානුකූලව සිදුවුණේ පොඩි හාමුදුරුවෝ අතිනි.ඒ නිසාවෙන්ම පොඩි හාමුදුරුවෝ ඤාණසීහ නාහිමිගේ පෞද්ගලික ⁣ලේකම් ලෙසද ක්‍රියාකරන්නටවිය.
    මෙරට දේශපාලනයේ එක් කාල පරිච්ඡේදයක් මෙහෙයවු නියමුවා වුයේ හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන්ය.ඒ රටේ තීරණාත්මක බොහෝ සිදුවිම් කකාබහට ලක්වුයේ් සාකච්ජා කළෙත් හේන්පිටගෙදර නාහිමිගේ ප්‍රධානත්වයෙන් රත්නපුර මුද්දුව සිරි සුමන පිරිවෙනේය.
    බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ මුල්ම කැබිනට් මණ්ඩලය සකස් කිරිමේ මුලික සාකච්ජාවපැවැක්වුයේද මුද්දුව පිරිවෙනේය.ඒ සෑම අවස්ථාවකම පිරිවෙනට පැමිණෙන රටේ ප්‍රධානින් සංග්‍රහ ලබන්නේ සුමංගල පොඩි හාමුදුරුවන් ගෙනි.

    මෙරට වැඩ සිටි ඉහළම පෙළේ සඟරුවන පවා පොඩි හාමුදුරුවන්ට බෙහෙවින් ප්‍රියකළහ.බලංගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමි, මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි,කොටුගොඩ ධම්මාවාස මහනාහිමි වැනිප්‍රබල යතිවරු පවා පොඩි හාමුදුරුවන්ට මහත් ලෙංගතුකමක් දැක්වුහ.
    
    රත්නපුරේ පක්ෂ  බේදයෙන් තොරව මැති ඇමැතිවරු පවා පොඩි හාමුදුරුවන්ට ලෙංගතු කමක් දක්වති.ඒ උන් වහන්සේ සෑම කෙනෙකුටම එකසේ ආමන්ත්‍රණය කරන නිසාය.ඒ හැම කෙනෙකුම පොඩි හාමුදුරුවන් ලෙන් ආගන්තුක සත්කාර ලබන නිසාය.කාලයෙන් වැසි ඇති බොහෝ දේශපාලන ඉතිහාස කරුණු දන්නා පොඩි හාමුදුරුවෝත් රත්නපුරේ සලකුණකි.
    
    උන් වහන්සේ දැන් අපවත්වෙලාය. අප උන් වහන්සේට නිර්වාන සුවය පතමු.

    ධර්ම ශ්‍රී තිලකවර්ධන
    සති අග අරුණ
    2021.05.09 ලිපිය උපුටාගෙන පලකරන ලදී..

    Tags: ප්‍රමුක පුවතවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version