වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසන පරිදි ශ්‍රී ලංකාවට බිත්තර සැපයීමේ ටෙන්ඩරය ඉන්දීය සැපයුම්කරු දෙදෙනෙක්ට ප්‍රදානය කර තිබේ.
ඉන්දියාව ලෝකයේ ප්‍රධානතම බිත්තර ආනයනකරුවෙක් වීම නිසා ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමේ ගැටලුවත් මතු නොවන බවත් සෞඛ්‍ය අංශයෙන් ඒ සඳහා අවසර ගැනීමට අවශ්‍ය සියලුම ලේඛණ සහ වාර්තා යොමු කරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.
කෙසේ නමුත් ලංකාවේ සියළුම දේවල් තිබියදී බිත්තරයත් රටින් ගෙන්වීමට කටයුතු කරන්නේ නම් දිනෙන් දින පෙන්වන්නේ පාලක පන්තියේ දැනුම බින්දුවේ බවය. බිත්තර වෙනුවට ආදේශක හදුන්වා දීමට ජනමතයක් ගොඩනැගීමටවත් සෞඛ්‍ය අංශ සමග එකතුව කටයුතු කිරීමට අවධානය යොමුකිරිමටවත් ඔවුන්ට අවශ්‍ය නැති බව මින් පැහැදිලිය.