English
සිංහල
04:34 සෙනසුරාදා, නොවැම්බර් 1, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලංකාවේ මර්ධනයට එරෙහිව යුරෝපයෙන් මානව හිමිකම් පෙත්සමක්.  චීන සහ ඉන්දියානු බලඅරගලය හමුවේ  ශ්‍රී ලංකාව සැන්විච් වෙයි !.. යුරෝපයේ දහස් ගණනක් උද්ඝෝෂණවලට සූදානමක්. 

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ දිනවල “ඉන්දියාව ලංකාවේ බොටුවෙන් අල්ලාගෙන” තිබේ. “චීන ඔත්තු බලන නැවක් අගොස්තු 11 හම්බන්තොට වරායට එනවලු”. ඒක ඉන්දියාවේ දකුණු දිග මුහුදු තීරයේ විශේෂයෙන්ම තමිල්නාඩු , කේරළ , ආන්ද්‍රා වැනි ප්‍රදේශ වල තිබෙන පරමාණුක බලශක්ති පර්යේෂණගාර, න්‍යෂ්ටික බලාගාර, යුධ හා නාවික මධ්‍යස්ථාන, සහ වෙනත් උපාය මාර්ගික වැදගත් කමක් ඇති ස්ථාන නිරීක්ෂණය කරනවලු. සැටලයිට් චන්ද්‍රිකා පණිවිඩ හුවමාරු හසුකර ගන්නවාලු, භයානකම දෙය කි. මී. 750දුර බැලස්ටික් මිසයිල හැසිරවීමේ හැකියාව තිබෙන නෞකාවක් ලු. මදෑ මේ නහින දෙහින කාලේ හරියකට කන්න බොන්නත් නැතිව ඉන්න එකේ ඉන්දියාව පැත්තෙන් එන මිසයිල දෙක තුනක් පත බෑ වුනොත්. සමහරු නම් කියයි අනේ සාධු කියලා මොකද ඒකත් ජනාධිපති තුමා නිසා නේ අපිට ලැබුණේ කියලා. එහෙව් ජාතියක් නොවැ අපි .

    හම්බන්තොට වරායට අගොස්තු 11 ලඟාවෙන යුවාන් වැන්ග් 5 (Yuan Wang 5) චීනය සතුව තිබෙන ප්‍රබල ඔත්තු සේවා නෞකාවක්. ඉන්දියාව මේ සම්බන්ධව ඔවුන්ගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය ලංකා රජයට දන්වා තිබෙනවා පමණක් නොව අවශ්‍ය වුවහොත් තම ජාතික ආරක්ෂාව සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවටද අනතුරු හඟවා තිබෙනවා. මෙවැනිම තත්ත්වයක් 2014දී ඇති වුණා. චීනයේ චැන්ග්ෂෙන්ග් 2 (Changzeng 2) සබ්මැරීන යාත්‍රාව, චැන්ග්ෂින්ග් ඩාස් (Changshing Das) යුධ නෞකාව කොළඹ වරායට ඇතුළු වීමට අවසර දීමත් සමග මහින්ද රාජපක්ෂ රජය ඉන්දියාවේ දැඩි දෝශ දර්ශනයට ලක්වූවා පමණක් නොව ඔහු පාලන බලයෙන් ඉවත් කිරීමට පවා ඉන්දියානු රහස් ඔත්තු සේවය (RAW) වැඩි වැඩ කොටසක් කල බව එවකට ප්‍රසිද්ධ රහසක්.

    ලංකාව සහ ඉන්දියාව අත්සන් කොට ඇති ඉන්දියානු සාගර සාම කලාප ගිවිසුම ප්‍රකාරව දෙරටේ මුහුදු සීමාව කිසිදු ලෙසක දෙරටේ එක්සත් කමට (Unity), භෞමික අඛණ්ඩතාවයට (Territorial Integrity), සහ ජාතික ආරක්ෂාවට (National Security) බලපාන කිසිදු කටයුත්තකට යොදා නොගැනීමටත්, තුන් වන පාර්ශ්වයකට එවැනි ක්‍රියාවකට ඉඩ නොදීමටත් එකඟ වී තිබෙනවා. ඉන්දියානු රජය විසින් මේ සම්බන්ධව අවධානය යොමු කරවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉතා දැඩි ප්‍රකාශයක් යොමු කල බව ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක බර්චි මහතා ඉන්දියානු මාධ්‍යට පෙරෙයිදා  ප්‍රකාශ කොට තුබුණා. එහෙත් , මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය කිසිදු නිළ ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කොට නැහැ.

    ලංකාවේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දෙමින් ප්‍රකාශ කලේ ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති අලි සබ්‍රී පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට දන්වා තිබෙන්නේ මෙම චීන නැව අගොස්තු 11 පැමිණීමට නියමිත බවත්, එය 18 වන දින දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට නියමිත බවත්, ඔවුන් මෙහි ගතකරන කාලයේ නැවට අවශ්‍ය ආහාර , ඉන්ධන , සහ ජලය ලබා ගැනීමට කටයුතු කරන බවත් ඉන් ලංකාවට ඩොලර් ලැබෙන බවත් පමණයි. රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඉතා ඇල් මැරුණු ප්‍රතිපත්තියක්  අනුගමනය කිරීම තුල  ඉන්දියානු රජය ඔවුන්ගේ දැඩි විරෝධය ලංකාවේ ජනාධිපතිට සෘජුව දැන්වූ බව ඉන්දියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කොට තිබුණා.

    පසුගිය මාස කිහිපයේ ලංකාවේ තිබූ දැඩි ආර්ථික අසහනය මදකට හෝ සැහැල්ලු කරගැනීමට හැකි වූයේ ඉන්දියානු ණය (Credit Line + Currency Swap) ඩොලර් බිලියන 3.8 ලැබුණු නිසා බව අපි දන්නවා. එහෙත් , චීනය එකල අපව මගහැර සිටි බවක් පේන්න තිබුණා. ලෝක ආර්ථික අවපාත තත්ත්වය හේතුවෙන් , පසුගිය මාසයේ සිට ඉන්දියානු ආර්ථිකය මද පසුබෑමකට ලක්වෙමින් තිබෙන බව පේන්න තිබෙනවා. එමනිසා ඔවුන් ලංකාවට දෙන ආධාර නවතා දැමීමට තීරණය කොට තිබෙනවා. එමනිසා , කල දුටු කල වල ඉහ ගැනීමට බලාසිටි චීනය ඔවුන්ගේ සුපුරුදු මැදිහත් වීම දැන් අරඹා තිබෙනවා.

    ලංකාව ලෝක බලවතුන් දෙදෙනකුගේ බල අරගලයේ මැදට හිරවී සැන්ඩ්විච් වෙමින් තිබෙනවා. එයට හේතුව , ලංකාවේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය. කාලෙන් කාලෙට කිසියම් බල කඳවුරක සුරතලෙක් වෙමින් පැවති ගමනේ අද ශේෂ පත්‍රය ඩොලර් බිලියන 61 ණය ගැතියෙක්, හොරකම වංචාව ඉහ වහා ගිය දේශපාලන සංස්කෘතියක්, ජනගහනයෙන් මිලියන 7 ක් බඩගින්නේ, ළමුන් 5 න් 3 දෙනෙක් මන්දපෝෂණයෙන් , පාසැල් සහ රජයේ කාර්යාල දින තුනකට සීමා වීමක්, උද්ධමනය 61% ක් සහ ආහාර උද්ධමනය 90.1%ක්, ප්‍රවාහන උද්ධමනය 143%ක් , ඉන්ධන පෝලිම් රට පුරා, රටේ ආර්ථික , දේශපාලන හා සමාජ අර්බුදයක්.  මේ අල්ල පනල්ලේ , චීන නැවකුත් ලංකාවට රිංගීම හේතුවෙන් ප්‍රශ්නය තවත් උග්‍ර වීමක්.

    රට තුල දැඩි මර්ධනයක් ක්‍රියාත්මක වීම තුල ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙනවා. ලබන සතිය වන විට යුරෝපයේ වෙසෙන ලාංකිකයන් දස දහස් ගණනක් ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම්, මරාදැමීම් යනාදිය පිළිබඳ  ජිනිවා නුවර මානව හිමිකම් කොමිසම ඉදිරියේ විරෝධතාවයක් දැක්වීමටත්, පෙත්සමක් භාර දීමටත් සූදානම් වෙනවා.

    එමෙන්ම, ලංකාවේ අනීතික අත් අඩංගුවට ගැනීම්, නාඳුනන මල සිරුරු මුහුදු වෙරළට ගොඩ ගැසීම යනාදිය සම්බන්ධව බ්‍රසල්ස් හි යුරෝපා පාර්ලිමේන්තුවට පැමිණිලි කිරීමට සූදානම් වෙනවා. වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති අදහස් ප්‍රකාශ කිරීමේ, හා සංවිධානය වීමේ නිදහස යනාදි සකලවිධ මූලික අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධව සියළු ජාත්‍යන්තර සංවිධාන දැනුම්වත් කිරීමට විදේශ ගත ශ්‍රී ලාංකික සංවිධාන කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. රටේ පාලකයන් පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කරනවා වෙනුවට ඔවුන්ගේ බලාධිකාරයට බලපෑම් විය හැකි සියළු පාර්ශව හා  පුද්ගලයන් හිරකොට තැබීමට  බිය ගැන්වීමට, නිශ්ශබ්ධ කිරීමට යෑම තුල රජය  බලාපොරොත්තු වන IMF  සහන ලබා ගැනීම පවා තවත් දුෂ්කර වනු ඇත. මේ සම්බන්ධව ලෝක බැංකුව පෙරෙයිදා නිකුත් කල ප්‍රකාශයේ ඔවුන් පැහැදිලිව සඳහන් කොට තිබුන අතර ඔවුන් අවධාරණය කර තිබුනේ රටතුල දේශපාලන ස්ථාවර භාවය තහවුරු කරගැනීමට රජය කටයුතු කල යුතු බවයි. එහෙත් , රනිල් වික්‍රමසිංහ එය පයිසයකට වත් මායිං කරනවාද කියා සැක සහිතයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පෙරෙයිදා ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයට දන්වා සිටියේ තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සියළු ණය හිමියන්ගේ එකඟතාවය ලබා ගත යුතු බවත්, විශේෂයෙන්ම චීනයේ එකඟතාවය අවශ්‍ය බවත්ය. සාමාන්‍යයෙන්  ප්‍රතිපත්තියක් ලෙස චීනය කිසිදු අවස්ථාවක ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ඉතිහාසයේ එකඟ වී නැහැ. එසේනම්, ලංකාවේ සමස්ත ණය ප්‍රමාණයෙන් වැඩිම ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 10 ක ණය ලබා දී තිබෙන්නේ තනි රටක් ලෙස චීනය යි. එම නිසා, ලංකාවට තම ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට නම් චීනයේ යම් එකඟතාවක් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. එසේ නොවුනහොත්  IMF අනුග්‍රහය ලබා ගැනීමට බාධාවක් ඇති වෙනවා. එම නිසා ඔවුන්ගේ යුවාන් වැන්ග් 5 නැවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර දීමට සිදුවෙනවා. ඒ වගේම එසේ ඉඩ දීම තුල ලංකාව ඉන්දියාවේ උදහසට ලක්වෙනවා. එය ලංකාවේ හිතසුව පිණිස එතරම් යහපත් නොවනු ඇති. බොහෝ දුරට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අද හෝ හෙට මෙම චීන නැව ලංකාවේ වරායකට ඇතුළු වීමට අවසර දීම සම්බන්ධව ඉතා දැඩි විරෝධයක් දැක්වීමට නියමිතයි. එමෙන්ම , රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ යෝජිත චීන සංචාරය සම්බන්ධව අමෙරිකාව දැඩි විමසිල්ලෙන් සිටින බවත් ආරංචියි. ලංකාවේ මෙතෙක් පැවති වැරදි දේශපාලන ක්‍රමවේදය විසින් ආර්ථික අර්බුදයක් නිර්මාණය කල අතර, එය අද වන විට සමාජ ප්‍රශ්නයක් දක්වා ඔඩුදුවා හෙට අනිද්දා වන විට ව්දේශ සම්බන්ධතා පිළිබඳ අර්බුදයක් කරා යෑමට නියමිතයි. අද ලංකාව පත්වී තිබෙන්නේ ” ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී” තත්වයකටයි.

    රටකට ගිය කලක්. අපිට වෙච්ච දෙයක් කියමින් සිටිනවා ද, නැතහොත් මෙයින් මිදීමට ක්‍රමවේදයක් සොයා ගැනීමට පුරවැසියන් හැටියට අපි සූදානම් වනවාද ? තීරණය ඔබ සතුය…………..

    ශාන්ත ජයරත්න

    ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය

    SLIDA

    4.8.22

    මෙම ලිපිය ඔබගේ මිතුරන් අතර හුවමාරු කරන්නේ නම් මැනවි ……..

    ☎️ 0773222405 (WhatsApp calls)

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version