ශ්‍රී ලංකාවේ පවතින ගැටළු හමුවේ ලක්ෂ ගනනාවක් වන ජනතාවක් පිඩාවට පත්ව තිබේ. පවතින සියලුම ප්‍රශ්න විසදීම මාස කිහිපයකින්ම කල හැකි වුවත් රටේ පාලකයන්ට එයට කිසිදු වුවමනාවක් නැති බවද පැහැදිලිය. ඔවුන් බලය වෙනුවෙන් කුලල් කා ගනිද්දී පීඩිත ජනතාව මහමග අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් කුසට අහරක්, බිමට වතුර නොමැතිව ඉන්ධන පෝලිම් වල දවස් ගණන් දුක් විදිති.
පුද්ගලික බස් රථ වලින් 85% කටත් වඩා මේ වන විට තිබෙන්නේ ඉන්ධන පෝලිම් වලය. ලංගම බස් රථ හැකි උපරිමයෙන් ධාවනයේ යෙදති. නමුත් මේ වන විට ලංගම බස් රථ විශාල ප්‍රමාණයකට ටයර් නොමැති බැවින් ධාවනයෙන් ඉවත්කිරීමට සිදුව තිබෙන බව වාර්තා වේ. බස් රථයක ටයර් එකක් ලක්ෂ එක හමාරක් පමණ වන බවද, ටයර් 4 සදහා ලක්ෂ 6 ක් පමණ වන බවද වාර්තා වේ.
සියලුම පොදු ප්‍රවාහනයන් බිද වැටීමෙන් සමස්ත පද්ධතියම හිර වන අතර රජයට අවශ්‍ය වන්නේද එයමද යන්නද අපටද ගැටලුවක්ව පවතී. කුමක් වුවත් මිනිසුන්ගේ කුසට අහරක් නොමැති වන විට කුසගින්නේ මිය යන මිනිසුන්ගේ ජීවිත ඉහල යනු ඇත. රජයක් ලෙස මෙන්ම සියලුම පාලකයන් මේ තත්වයට වග කිව යුතු වුවත් ඔවුන්ට දඩුවම් නැත. එහෙත් සොබා දහමේ දඩුවම් වලින් ඔවුන්ට ගැලවීමට ද නොහැකි වනු ඇත.













































