English
සිංහල
09:13 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලංවා සමාගමෙන් තවත් රක්ෂිත විනාශයක්.

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ලංවා සමාගම ඉලුක්පැලැස්ස වන රක්ෂිතය ඩොලමයිට් කැනීමට බලහත්කාරයෙන් අත් පත් කර ගෙන තිබේ.

    ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පාරිසරික හා නීති නිලධාරී සජීව චාමිකර මහතා වාර්තා කරන පරිදි මෙම සමාගම විසින් රක්ෂිතයේ කොටසක් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇත. ඔහු සිය මුහුණු පොත තුල සටහනක් තබමින් මේ පිළිබඳ වාර්තා කළේය.
    හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඌව කොස්ගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඉලුක්පැලැස්ස වන රක්ෂිතයේ මයිලමඩේ කන්ඳේ අක්කර 52 කක භූමියක් නීති විරෝධී ව අත් පත් කර ගෙන, රක්ෂිත මායිම් වෙනස් කර, සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති පුද්ගලික සමාගම මගින් සිමෙන්ති නිෂ්පාදනය සඳහා ඩොලමයිට් ඛණිජ ලබා ගැනීමට පර්යේෂණ කැනීම් කටයුතු ආරම්භ කර තිබේ. ඉලුක්පැලැස්ස ගමේ සිට මයිලමඩේ කන්ඳ දක්වා වනාන්තර ඉවත් කර දල බෑවුම් සහිත ප්‍රදේශයක පිවිසුම් මාර්ග සකස් කර, කිසිදු අනුමැතියකින් තොර ව පර්යේෂණ කැනීම් කටයුතු ආරම්භ කර ඇත.

    මෙම කඳු වැටිය පා මුල ඉලුක්පැලැස්ස ගම්මානය පිහිටා ඇති අතර එහි පවුල් 57 ක් පමණ ජීවත් වේ. මෙම කන්ඳෙන් ආරම්භ වන තිරිවානා ආර සහ වනාන්තරයෙන් පෝෂණය වන අමුණ බැදි ආර මගින් ගොවිතැනට අවශ්‍ය ජලය මෙම ජනතාව ලබා ගනී. අංශක 60 කට වඩා වැඩි බෑවුම් සහිත මෙම කඳු වැටිය ඩොලමයිට් ඛණිජ ලබා ගැනීමට කැනීම් කිරීමෙන් කන්ඳ පහළ පිහිටි ජනාවාස හා වගා බිම් සියල්ල විනාශයට ලක් වනු ඇත. මේ බව දන්නා ලංවා සමාගමේ නිලධාරීන් පැමිණ ජනතාව ගේ ඉඩම් මිල දී ගැනීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ සියල්ල ම සිදු වන්නේ කිසිදු අනුමැතියකින් තොර ව බලහත්කාරයෙනි.

    එපමණක් නොව මේ වන විට ලංවා සමාගම ඉලුක්පැලැස්ස විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් මෙම ව්‍යාපෘතියට එල්ල විය හැකි බලපෑම මැඩ පැවැත්වීම සඳහා විහාරස්ථානයට චෛත්‍යයක් ඉදි කර දීමටත් ගම්මානයේ ජනතාවට මාර්ග සකස් කර දීමටත් මෙම සමාගම පියවර ගනිමින් සිටී. මීට අමතර ව ගමේ ජනතාව අතර ගැටුම් ඇති කර මෙම ව්‍යාපෘතියට ජනතාගෙන් ඇති වී තිබෙන විරෝධතා මැඩ පැවැත්වීමටත් ලංවා සමාගම මේ වන විට පියවර ගනිමින් සිටී.

    ලංවා සමාගම මේ ආකාරයෙන් ඉලුක්පැලැස්ස ගම්මානය තුළ කටයුතු කරන්නේ 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරණ වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් ඔවුන් සියලු ක්‍රියාකාරකම් සිදු කරන බවට හොඳින් දන්නා නිසා ය. මෙම පනතේ 3 වන වගන්තියට අනුව ඉලුක්පැලැස්ස රක්ෂිත වනය ප්‍රකාශයට පත් කර තිබේ. පනතේ 7(1) උප වගන්තිය යටතේ රක්ෂිත වනය තුළ තහනම් ක්‍රියා සියල්ල දක්වා තිබේ. ඒ අනුව අයුතු ලෙස රක්ෂිත වනයට ඇතුළු වීම හා රැදී සිටීම, ගස් කැපීම, දියපහරවල් අවහිර කිරීම, ගල් කැඩීම, පස්, ගල් ඉවත් කිරීම, කැනීම් කිරීම, පාරවල් සකස් කිරීම, සකස් කරන ලද පාරවල් භාවිතා කිරීම, මායිම් සලකූණුවලට හානි කිරීම, වෙනස් කිරීම යන සියලූ ම ක්‍රියා තහනම් වේ.

    එවන් තහනම් ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයකු වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000 ත් ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඩුවම්වලට අතිරේකව රක්ෂිත වනයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් හානියේ ස්වභාවය අනුව තීරණය කරන වන්දි මුදලක් දඩයක් ලෙස නියම කළ හැකි ය.

    පනතේ 7(2) උප වගන්තියට අනුව රක්ෂිත වනයක තහනම් ක්‍රියාවක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම තැනැත්තා ද එම දඩුවමට ම යටත් විය යුතු ය. ඒ අනුව ලංවා සමාගම මේ සියලූ ම නීති උල්ලංඝනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් මැදිහත් විය යුතු ව ඇත.

    මීට අමතර ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීන් ද, 2009 අංක 66 දරණ පනතින් සංශෝධිත 1992 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කරමින් වන රක්ෂිතයක් තුළ සිදු කරන නීති විරෝධී ඛණිජ ගවේෂණ කිරීම්වලට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. මෙම පනතේ 28(1) උප වගන්තියට අනුව ඛණිජ කැනීම් හා ගවේෂණය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ. පනතේ 63 වන වගන්තියට අනුව බලපත්‍රයක් නොමැති ව ඛනිජ කැනීම් සිදු කිරීම නීති විරෝධී වේ. මෙම වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කරන එවන් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 50,000 ත් ලක්ෂ 5 ත් අතර දඩයකට ලක් කළ හැකි ය. එම වරද නැවත නැවත සිදු කරන අවස්ථාවක දී ලක්ෂ එකහමාරත් ලක්ෂ 20 ත් අතර දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    පනතේ 63(1)(අ) උප වගන්තියට අනුව නීති විරෝධී කැනීම් කටයුතු සිදු කරන පුද්ගලයකු හා ඒ සඳහා භාවිතා කරන ද්‍රව්‍ය හා උපකරණ වරෙන්තුවක් නැති ව හෝ ඇති ව අත් අඩංගුවට ගැනීමේ බලය ඇත. පනතේ 63(1)(ඇ) උප වගන්තියට අනුව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ කාර්යයන් සඳහා මෙම පනත යටතේ සිදු කරන සෑම වරදක් ම සංඥේය වරදක් ලෙස දක්වා තිබේ.

    කැනීම් භූමියක් පරීක්ෂා කිරීමේ දී හෝ අත් අඩංගුවට ගැනීමේ දී බාධා කරන අවස්ථාවක දී පනතේ 63 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන පුද්ගලයකුට පනතේ 63(2)(ආ) උප වගන්තියට අනුව රුපියල් 5000 ත් 70,000 ත් අතර දඩයකට හෝ වසරක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ලංවා සමාගම මේ සියලු වැරදිවලට වරදකරුවන් වේ.

    මෙම නීති රීතිවලට අමතර ව 2000 අංක 53 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරණ ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීම, කැළෑ ආඥා පනත යටතේ ප්‍රකාශිත රක්ෂිත ප්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත ඕනෑ ම ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    එපමණක් නොව සංශෝධිත 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත 2000 අංක 01 දරණ ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළිපෙහෙලි කිරීම, ගල්, බොරළු හෝ පස් නිස්සාරනය සඳහා පතල් කැනීම හෝ ගල් කැඩීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය.

    මේ සියලු නීති උල්ලංඝනය කරමින් ලංවා සමාගම රටේ පොදු සම්පත් විනාශ කරන්නේ කෙසේ ද යන්න ගැටළුවකි. කිසිදු රාජ්‍ය ආයතනයක් මෙම නීති විරෝධී ක්‍රියාවලට එරෙහි ව කටයුතු නොකිරීම හා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සිරිපාල අමරසිංහ විසින් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත මෙම සමාගමට වනාන්තර ඉඩම් ලබා දීමට නිලධාරීන්ට බලපෑම් කිරීම යන සියල්ල එකිනෙක හා බැදී පවතී. සිරිපාල අමරසිංහ විසින් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙකු මෙහෙයවමින් ප්‍රසිද්ධියේ අල්ලස් ලබා ගනිමින් සිදු කළ මෙම නීති විරෝධී ක්‍රියා සියල්ල මැඩ පැවැත්වීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු ව ඇත.

    මෙම ලංවා සමාගම විසින්ම මිට ඉහතදී ද ගල්බොක්කයාය නම් ප්‍රදේශයේ අනවසරයෙන් රක්ෂිතයක් මෙසේ විනාශයට පත් කිරීමට උත්සහයක් දරන ලදී.මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව ද පාරට බැස විරෝධතා සිදු කළ නමුත් කිසිදු බලධාරියෙකුගේ ඇස ඒ වෙත යොමු වුයේ නැත.

    මේ සම්බන්ධයෙන් අප මාධ්‍ය ආයතනයද අවස්ථා කිහිපයකදී ජනතාව සමග එක්ව කටයුතු කරමින් වගකිව යුතු බලධාරීන් දැනුවත් කිරීමද සිදු කරන ලදී.ඒ සම්බන්ධයෙන් අප පල කරන ලද වාර්තා පහතින්.

    https://www.ravanalankanews.lk/9993/03/%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b7%84%e0%b6%bd/03/00/
    https://www.ravanalankanews.lk/9697/02/%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9b%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b6/07/01/
    https://www.ravanalankanews.lk/10172/03/%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%ba%e0%b7%9c%e0%b6%af%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b6%ba%e0%b7%92/21/13/
    https://www.ravanalankanews.lk/10518/03/%e0%b6%87%e0%b6%b9%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b7%83%e0%b6%82%e0%b6%9b%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd/10/10/
    https://www.ravanalankanews.lk/16002/10/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%a7-%e0%b7%84%e0%b7%90%e0%b6%82%e0%b6%9f%e0%b7%94-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%85/58/00/
    https://www.ravanalankanews.lk/9058/02/%e0%b6%87%e0%b6%b9%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b7%84%e0%b6%ba%e0%b7%8f%e0%b6%ba-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%99/28/13/
    https://www.ravanalankanews.lk/10917/04/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b6%b9%e0%b7%93%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92/59/09/
    Tags: පාරිසරිකප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාරිසරික

    කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    පොරවගල කන්දේ ගින්න නිවා දමයි.

    මාර්තු 12, 2024
    පාරිසරික

    පොරවගල කන්දේ ගින්නක් .

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version