රඹුක්කන ඩිපෝවට අයත් ලං ග ම බස් රථයක් ගමන් වාර අවසන් කොට හතරලියද්ද බස්නැවතුමේ නවතා රියදුරු අසල ඇති ඔහුගේ නිවසට ගොස් ඇති අතර කොන්දොස්තරවරයා බසයේම රැදී සිට තිබේ.
රාත්‍රීයේ තම පෙම්වතිය බැලීමට කොන්දොස්තර වරයා විසින් බස්රථයෙන් කි. මී. 9 ක් පමණ දුරින් පිහිටි කැබැල්ලවත්ත ගොස් නැවත පැමිණෙමින් සිටියදී බස් රථය අනතුරකට ලක්ව තිබේ. අනතුරට ලක් වූ බස්රථය ඔහු විසින් නැවත ගෙනවිත් ඒ පිලිබධව කිසිත් සිදු නොවූ ලෙස බස්රථය තිබූ තැනම ගාල් කොට ඔහු පිටව ගොස් තිබේ.
මෙම බස්රථය දිනපතා රඹුක්කන- හතරලියද්ද මාර්ගයේ ධාවනය කිරීමෙන් අනතුරුව හතරලියද්ද බස් නැවතුමේ ගාල් කර තබන බව වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.














































