නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සදහා ජලය රැගෙන යන විශාල නලයක සති තුනක් තිස්සේ විශාල ජල කාන්දුවක් සිදු වන බව වාර්ථා වේ.
ලක්ෂපාන ජල විදුලි බලාගාරයට මිටර් 300 පමණ ඉහලින් ලක්ෂපාන 6 කණුව ප්‍රදේශයෙන් මෙම ජල කාන්දුව සිදු වන නමුත් විදුලිබල මංඩලය එය නැවැත්වීම සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව වාර්ථා වෙයි.
ලක්ෂපාන ජලාශයට අධික බැවුමක් සහිත ප්‍රදේශයකින් නල පද්ධතියක් හරහා ජලය රැගෙන යන බැවින්, එසේ රැගෙන යන ජලය අධික පිඩනයකින් යුක්ත වේ. ඒ නිසා දිනෙන් දින ජල කාන්දුව වැඩිවන බවද වාර්ථා වේ
















































