රක්ෂණ සමාගමක කළමණාකාරවරයෙකුට අයත් රුපියල් ලක්ෂ හැට පහක් පමණ වටිනාකමකින් යුත් මෝටර් රථයක් සොරකම් කොට පළා ගිය පුද්ගලයෙක් පිළිබදව හොරොව්පතාන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
ඊයේ (23) දින දහවල් 1 ට පමණ මෙම ශාඛාවේ කළමණාකරු තම නිවස පිහිටා ඇති අනුරාධපුර මයිලගස් හංදියේ සිට ඥාති පුද්ගලයෙකු සමග තම මෝටර් රථයෙන් හොරොව්පතාන කාර්‍යාලයට පැමිණ ඇති අතර ඥාති පුද්ගලයා මෝටර් රථයේම සිටියදී කළමණාකරු මෝටර් රථයේ යතුර ද තබා කාර්‍යාලයට ගොස් ඇති බව වාර්තා වේ.මෙසේ ඥාතියා සමග පැමිණ ඇත්තේ ඔහුට රැකියාවක් ලබා දීම සදහා බව කියයි.
වාර්තා වන ආකාරයට කාර්‍යාලයට ගොස් පිටතට පැමිණීමේදී තම මෝටර් රථය දක්නට නොලැබුණු නිසා අදාළ ඥාතියාගෙන් ඒ බව විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිය පෙම්වතිය හමුවීම සදහා හොරොව්පතාන නගරය ආසන්න අළුත්ඔය මාර්ගට හදිසියේම පැමිණි බවයි.නමුත් මෙම පුද්ගලයා රාත්‍රිය වන තුරුත් නොපැමිණීම හේතුවෙන් කළමණාකරු පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර පොලීසිය මෙම පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.














































