කාන්තාවක් දූෂණයට ලක්කර රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑ කණ්ඩායමක් සොයා පයාගල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පයාගල ඉඳුරුවේ ගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ (29)රාත්‍රියේ පැමිණි මෙම නාදුනන කණ්ඩායම කාන්තාව දූෂණයට ලක්කර රුපියල් ලක්ෂ තුනකට වටා අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා මුදල් කොල්ල කාගෙන ගොස් ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.














































