විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 13 ක් පමණ වටිනා කේරළ ගංජා සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලම්පිටිය කාගිල්ස් ෆුඩ්සිටිය ඉදිරිපස වෙලදසැලක් අසල දී වැටලීම සිදුකොට කේරළ ගංජා සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ..
කඩවත ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයකු වන සැක කරු වැඩිදුර පරීක්ෂණ සදහා වැල්ලම්පිටිය පොලීසියට භාරදී තෙබෙ.
















































