පවත්නා මාර්ග තදබදය සම්පූර්ණයෙන් නවතා දැමීමට හැකි මාධ්‍යයක් වශයෙන් දුම්රිය හදුන්වා දිය හැක.ඒ අනුව දුම්රිය මාර්ග හා දුම්රිය නිසි පරිදි සංවර්ධනය සිදු කලහොත් රටට අධිවේගි මාර්ග අවශ්‍ය නොවනු ඇත.දුම්රිය සංවර්ධනය සදහා රජයෙන් නිසි ප්‍රතිලාභ නොලැබෙන බව සහ පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපය පිළිබද දුම්රිය නගාසිටුවීමේ සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ සිදුකල මාධ්‍ය සාකච්ඡාවේදි කරුණු හෙලිදරව් කරන ලදි.
ඉන්දික දොඩම්ගොඩ මහතා පවසන ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන මෙම දුම්රිය මගින් ලක්ෂ 50ක ආදායමක් හිමිවන නමුත් හරීන් ප්‍රනාන්දුගේ දුම්රිය බන්දුල මැදිහත් වී නතර කර ඇති බවට මෙහිදී වාර්තා වී ඇති බවත් මෙතරම් හොඳ අවස්ථාවක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබියදීත් එය නැති කරගන්නා බවට මැසිවිලි නගති.
මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ දුම්රිය කටයුතු ප්‍රමාද වීමට සේවක හිගය සහ දුම්රිය අලුත්වැඩියා නොකිරීම සෘජුවම බලපාන බවත් මේ පිළිබඳ දුම්රිය පරිපාලන අංශය බාර නිලධාරිනිය වගකිව යුතු බවත්ය.තවද LRTE නතර කිරීමට ගෝඨාභය රාජපක්ෂට සෘජුව උපදෙස් දුන් විදුලිබල මණ්ඩලයේ පුද්ගලයෙකු සහ පී.බී.ජයසුන්දර යන අය තමන්ගේ තනි තීරණවලට අනුව කටයුතු කල බවත්ය.
එමෙන්ම අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටින්නේ දුම්රිය සංවර්ධනයට අකුල් හෙලන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් දුම්රිය ප්‍රතිසංස්කරණ කටයුතු නිසි පරිදි සිදු කල යුතු බවත් කොන්ත්‍රාත් පදනම මත නව සේවකයන් බඳවා ගැනීමට අවසරද,කොළඹ සිට ඇල්ල දක්වා දුම්රිය ගමන් කිරීමට අදාල විධිවිධාන සකස්කර දිය යුතු බවත්ය.
මෙම කරුණු පිළිබඳ වැඩි දුරටත් තොරතුරු දැන ගැනීම සඳහා පහත විඩියෝව නරඹන්න.