ව්‍යාපාරික ස්ථානයක සේවය කළ ගණකාධිකාරවරයෙකු රුපියල් ලක්ෂ 53 කට වංචා කිරීම හේතුවෙන් ඊයේ (24) දින මොරටුව ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර චෙක් පත් උපයෝගී කරගෙන මෙම වංචාව සිදු කර ඇති බව කියයි.
වාර්තා වන ආකාරයට පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සදහන් කරයි.














































