මෙරට පුහුණු ශ්‍රමිකයින් සඳහා ලිබියාවෙන් රැකියා අවස්ථා හිමිවන බවට වාර්තා වී ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති, මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා අතර පැවති හමුවක දී අදහස් හුවමාරු කර ඇත.
මේ වන විට ලිබියානු ආර්ථිකය ඉහළ ස්ථාවරයකට පත්ව ඇති බවත් රට තුළ දේශපාලනමය වශයෙන් ද ස්ථාවරත්වයක් ඇතිව තිබෙන බැවින් ලිබියානු රජය සමග ශ්‍රී ලංකාව ගිවිසුම අත්සන් කර ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සඳහා එරට රැකියා අවස්ථාවන් ලබා ගත හැකි බව එහි දී ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානීවරයා විසින් සඳහන් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කඩිනමින් ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා පවත්වා මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ආකාරයට යොදාගැනීමට කටයුතු කරන බවයි.