ගත වූ මාස 5ක කාල සීමාව තුල ලාදුරු රෝගීන් 600ක් පමණ වන බවට ලාදුරු මර්දන ව්‍යාපාරය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩිම රෝගීන් පිරිසක් කොළඹින් වාර්තා වන බවට එහි වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වන විට ලාදුරු රෝගීන් 100ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 66ක් ,කලුතර දිස්ත්‍රික්කයෙන් 47ක් වාර්තා වන බව සදහන්.
යම් අයෙකුට ලාදුරු යැයි සැක කෙරෙන සම මතුපිට ලපයක් ඇත්නම් 0754088640 යන දුරකථන අංකයට එහි ඡායාරූපය වට්ස්ඇප් කර තොරතුරු ලබා දිය හැකි අතර එහිදී රෝගී තත්ත්වයක් නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුකරන බවට ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.