අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර සිටියේ ලබන සදුදා දින සිට කිසිදු හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් වෙළෙඳ පළට නිකුත් කිරීමට නියමිත බව ය.
මිල ඉහළ දැමීමට රජය අනුමැතිය නොදීම හේතුකොටගෙන ලාෆ් ගෑස් සමාගම සිය නිෂ්පාදනයන් නතර කර තැබීම හේතුවෙන් වෙළඳපළ තුළ ගෑස් හිඟයක් ඇති විය.
පසුගිය දිනවල දී ලා ගෑස් මිල ඉහළ දැමීමට රජය අනුමැතිය ලබා දීමත් සමග ලාෆ් ගෑස් සමාගම සිය නිශ්පාදන කටයුතු නැවත ආරම්භ කර පසුගිය 20 වනදා සිට නව මිල යටතේ ගෑස්, වෙළෙඳ පළට නිකුත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ලාෆ් ගෑස් පිරවුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.















































