English
සිංහල
03:42 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලිංගික ක්‍රියා නොහොත් “SEX” ගැන ඔබ නොදත් දේ.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සොබාදහමෙන් මිනිස් ප්‍රජාවට මෙන්ම තිරිසන් සතුන්ටද සිය වර්ගයා බෝ කිරීම සඳහා ලැබී ඇති දායාදයක් වන ලිංගිකත්වය පිළිබඳව අප නොදත් පැතිකඩ රාශියක් ඇත. ඇතැම්විට සමාජය තුළ පිළිකුලට බඳුන් වන ඇතැම් සම්බන්ධතා පිළිබඳ ද අප නොදුටු පැතිකඩ පිළිබඳ මෙතුළින් ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන මහත්මිය විසින් අප සමාජය දැනුවත් කිරීම උදෙසා සිය පළිඟු තුඩ මෙහෙයවා ඇත.

    මේ දිනවල සමලිංගිකත්වය පිළිබඳවත් වෙනත් ලිංගික ද්වි ආශයන් පිළිබඳවත් විවිධ මත පළවන නිසා යම් දෙයක් ඔබේ දැනුමට එකතු කරන්න හිතුවා.සොබාව ධර්මයේ අපූර්වතම නිර්මාණයක් වන ස්ත්‍රිය සහ පුරුෂයා එක්වීමෙන් මිනිස් ප්‍රජාව බෝවී වර්ධනය වෙන බව අප සැවොම දන්නා දෙයක්.

    මේ බෝවීම සඳහා ස්ත්‍රියගේ ශරීරය තුළ හටගන්නා ඩිම්බ සෛලයක් පුරුෂ ශරීරය තුළ හටගන්නා ශුක්‍රාණු සෛලයක් හා එක්වීම හෙවත් සංසේචනය සිදුවිය යුතුයි. මේ එක්වීම සිදුවන්නේ ස්ත්‍රී ශරීරය තුළදීයි. ස්ත්‍රී ශරීරය තුළට ශුක්‍රාණුව ඇතුල් වන්නේ ලිංගික සංසර්ගය හෙවත් ප්‍රජනනය නම්වූ ක්‍රියාවලිය මගින්.තම වර්ගයා බෝකිරීම සඳහා ස්ත්‍රීපුරුෂයන් අතර ප්‍රජනනය සිදුවිය යුතුයි. වර්තමානයේ විවිධ කෘතීම ක්‍රම මගින් මෙම සංසේවනය සිදුකළත් කළලය වර්ධනයට මව්කුසක් තිබිය යුතුයි.

    මෙම තම වර්ගයා බෝකිරීම ඉතා අත්‍යවශ්‍ය , වැදගත් කාර්‍යයක් වුවත් ඒ සඳහා වූ ලිංගික සංසර්ගය වෙහෙසකර වේදනාත්මක එකක් වූයේ නම් මේ සඳහා මානව වර්ගයාගේ පෙළඹීමක් සිදු නොවේවි. එමනිසා සොබාදහම මේ වැදගත් කාර්‍යයට පෙළඹවීම සඳහා එම ක්‍රියාවලිය සතුට උපදවන කායික මානසික තෘප්තිමත් බවක් ඇතිවන අයුරින් ත්‍යාගයක් එකතුකර තිබේ. ඇත්ත වශයෙන්ම මිනිස් ශරීරය ලිංගික තෘප්තිය විඳීම සඳහා මනාව සකස් වූ පද්ධතියකි. විවාහය යනු තම වර්ගයා බෝකිරීම පිණිස ස්ත්‍රියක් සහ පුරුෂයෙකුට අන් අයගේ බාධාකිරීම් වලින් තොරව නිදහසේ ලිංගික ජීවිතයක් ගත කිරීමට සමාජය දුන් නීතිමය අනුමැතියයි.

    ඉඳින් මේ කියන ලිංගික තෘප්තිය ස්ත්‍රිපුරුෂ සම්භෝගයෙන් ඇතිවී එය සතුටින් විඳීමත් දරුවන් බිහිකිරීමත් සාමන්‍ය තත්වයක්.ලිංගික තෘප්තිය ලැබීමට වැඩිහිටි සැමටම අයිතියක් ඇත.සමාජය තුළ ඇති මතය නම් ලිංගික තෘප්තිය ලැබිය හැක්කේ වැඩිහිටි ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර සිදුවන ලිංගික සංසර්ගයකින් පමණක් බවය.එහෙත් සොබාදහම මිනිසාට එතරම් සරල ආකාරයෙන් සලකා නැති බව ලිංගික තෘප්තිය පිළිබඳ විමසා බැලීමේදී පෙනෙයි.එක් එක් අයගේ ලිංගික තෘප්තිය ඇතිවන්නේ විවිධ නිමිති අරමුණු කරගෙනය.

    එය මේ ආකාරයෙනි. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි, සමාන ලිංගිකයන් කෙරෙහි, කුඩා දරුවන් කෙරෙහි, මෘතදේහ කෙරෙහි, සතුන් කෙරෙහි, අනුන්ගේ ලිංගික ක්‍රියා දෙස බලාසිටීමෙන්, තමන්ගේ ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීමෙන්, කාන්තා යට ඇඳුම් සමග කරන ලිංගික ක්‍රියා, සහකරුට සහකාරියගේ ලිංගික ඉන්ද්‍රියන්‍රට වදදීමෙන්, තුවාල සිදුකිරීම හෝ තමාගේම ඉන්ද්‍රියන්ට වධ දීම හෝ තුවාල කිරීමෙන් ලබන තෘප්තිය ආදී වශයෙනි.මෙසේ සිදුවන්නේ අපගේ දේහ හා ජීව විද්‍යාත්මක් ක්‍රියාවලියේ සිදුවන අසාමාන්‍ය තත්ව හේතුවෙනි. ස්ත්‍රී පුරුෂ ලිංගික චර්‍යා හැර අනෙකුත් ලිංගික චර්‍යා අසාමාන්‍ය ලිංගික චර්‍යා ලෙස මනෝවිද්‍යාව තුළ හැඳින්වෙයි.මේවා විකෘති ලෙස හඳුන්වනවාට වඩා අසාමාන්‍යතාවන් ලෙස හැඳින්වීම මනෝවිද්‍යාව තුළ පිළිගැනේ.

    මෙහි ඇති සමාන ලිංගික ආකර්ශනය මනෝවිද්‍යාව තුළ විකෘතියක් හෝ රෝගයක් ලෙස පිළි නොගනී. එය මොළයේ සිදුවන ව්‍යූහාත්මක වෙනසක් නිසා ඇතිවූවක් බැවින් පුද්ගලයා එයට වැරදිකාරයකු කිරීම නිවැරදි නොවන බව පවසයි. නමුත් ඔවුන් සමලිංගික ආකර්ශනයක් නැති අනෙකුත් පුද්ගලයන් දරුවන් තම අභිමතාර්ථ වෙනුවෙන් බලහත්කාරයෙන් යොදාගැනීම නීතිය ඉදිරියේ වරදක් වෙයි. එය සමලිංගිකයන් පමණක් නොව විෂම ලිංගිකයන් අතින් වුවද සිදුවීම නීතිය ඉදිරියේ වරදකි.

    මෙහිදී අප තේරුම් ගත යුතු කරුණ නම් ඉහත කී යම් ලිංගික නැඹුරුවීමකට කිසියම් පුද්ගලයෙකුගේ දේහ විද්‍යාත්මක හා ජීවවිද්‍යාත්මක සංදර්භ නිමාවී ඇත්නම් ඔහුට ඒ ක්‍රමයෙන් හැර වෙනත් ආකාරයකින් ලිංගික තෘප්තියක් ලැබිය නොහැකි බවයි. නිදසුන් ලෙස තම ලිංගික අවයව ප්‍රදර්ශනය කරන පුද්ගලයන් ලිංගිකව තෘප්තිමත් වන්නේ එසේ ප්‍රදර්ශනය කිරීමෙනි. එය දකින කාන්තාවන් බියවී කෑගසා පළා යෑම ඔහුගේ ලිංගික තෘප්තිය සම්පුර්ණ කරනු ලබයි.සිතන්න ඔවුන්ගේ ජීවිතවල කර්කශ ස්වභාවය කෙතරම් දුක්මුසුද යනවග.එසේම පුංචි දරුවන් කෙරෙහි ඇතිවන ලිංගික ආශාවන් සහිත පුද්ගලයන්, අන් අයගේ ලිංගික ක්‍රියාවලි දෙස බලාසිටින පුද්ගලයන්ගේ තත්වයන්ද එසේමය.

    විෂබීජ කන්දරාවක් මුදාහරින මෘතදේහ සමග සංසර්ගයේ යෙදෙන මිනිස්සු ගැන සමාජ ධර්මතා අනුව සිතනවිට අපට ඇතිවන හැඟීම් කෙසේද?එසේම මෙහි තවත් වැදගත් කරුණක් නම් මෙය ශරීරයේ ඇතිවන අසාමාන්‍යතාවය හැරුණුකොට තවත් ආකාරයකින්ද පුද්ගලයන්ට ඇතිවිය හැකි බවයි. එනම්, කුඩා කාලයේ ලිංගික අපයෝජනයෙන් දිගින් දිගට පිඩා ලැබූ දරුවන්, සමලිංගිකයන්ගේ ගොදුරු බවට පත්වූ දරුවන්,නැරඹුම් කාමයන්ට ගොදුරු කරගත් දරුවන් ආදී ලෙසත් කුඩා කළ විඳි අත්දැකීම් නිසා වැඩිහිටි වියේදී එබඳු ක්‍රියාවන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවන් ද ඇත.මෙහිදී කිසියම් අයෙකුට මෙවන් අසාමාන්‍ය ලක්ෂයන් ඇත්නම් , ඒවාට අකමැත්තෙන් ගොදුරු වී ඉන් මිදීමේ උවමනාව ඇත්නම් ඔවුන් හමුවිය යුත්තේ විශේෂඥ මනෝ වෛද්‍යවරුයෙකි. මන්ද ලිංගිකත්වය , ලිංගික ක්‍රියාවලිය මානසික වූවකි.

    එසේම සදාචාරසම්පන්න සමාජයක් පවත්වාගෙන යෑම සඳහා පුද්ගලයාගෙන් කවරාකරයේ හෝ නීතියට පටහැනිව සිදුවන ලිංගික අඩන්තේට්ටම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ.

    එය අන් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් රැකදීම සඳහා අත්‍යවශ්‍ය වෙ.එමනිසා තමන්ගේ ලිංගික ආශයන් සඟවාගෙන ජීවත් වෙමින් රහසේ ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයෝ සමාජයේ වෙසෙති.

    කෙසේවුවත් එවන් පුද්ගලයන්ට පහරදීම, අනතුරුකිරීම ආදී ක්‍රියාවන්ට නොයා මේ පිළිබඳව දැනුවත් වී ඔවුන් නීතියට හෝ මනෝ ප්‍රතිකාර වලට යොමුකිරීමෙන් ඔහුටත් සමාජයටත් සිදුවන්නේ යහපතකි.

    ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

    එෂාමා කාරියකරවන

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version