ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර ප්‍රකාශ කළේ අද වන විට ලිංගික උත්තේජන පෙති භාවිතය හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
වෛද්‍ය උපදෙස්වලින් තොරව සිදු කරන මෙම ලිංගික උත්තේජන ඖෂධ ලබා ගැනීම හේතුවෙන් මෙසේ මියයන සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බවයි.
මෙම මියයන පිරිස් අතර වයස අවුරුදු 20 – 25 අතර සහ 40 – 45 අතර පුද්ගලයින් වන බව ද ඇය මෙහි දී පෙන්වා දී ඇත.














































