English
සිංහල
01:24 බදාදා, නොවැම්බර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලිට්රෝ සමාගමට කොමිස් කාක්කෙක් නැවතත්.  මූලික අධ්‍යාපනයක් නැති කෙනක් බිලියනපතියෙක් වීමේ රහස.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පෙරදිග ධාන්‍යාගාරය නොහොත් ආසියාවේ මුතු ඇටයේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වෙනත් රටවල් සමග බැලීමේදී දූසිතම මිනිසුන් සිටින රාජ්‍ය ශ්‍රී ලංකාව බවට පත්ව තිබේ. එරට සිටිනුයේ නීත්‍යානුකූලව හොරකම් කරනා හොරකල්ලි සහ නායකයන්ය. ඊට අමතරව නීතිවිරෝදී මාර්ගවලින් මුදල් සොයා ගත් ඔවුන් ට්‍රිලියනපතියන්ය.

    මේ වර්තාව ශ්‍රී ලංකාවේ ලිට්‍රෝ නැමති ගෑස් සමාගමක නව සභාපති ලෙස පත් කිරීමට යෝජිත මංකොල්ලකාරයෙකු පිලිබදව, එරට “C” පුවත් නැමති වෙබ් අඩවියක වාර්තාවකි.

    උපුටා ගැනීම . ලංකා “C පුවත්” වෙබ් අඩවියෙනි.

    මුදිත පීරිස් ලිට්‍රෝ ගෑස් සභාපති ධුරයට පත් කිරීමට සුදානම් වීමක් පිළිබඳව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මුදිත පීරිස් පසුගිය රජය මයේ එහි කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලද අතර විශාල වශයෙන් අල්ලස් ලබාගැනීම් සිදු කල චරිතයක් ලෙසට ඔහු කා අතරත් ජනප්‍රිය ය. මොහු විසින් අවස්ථා කීපයකදීම හිටපු අමාත්‍ය විමල් විරවංශ මන්ත්‍රීතුමාට මුදල් ලබා දී ඇති බව ඔහු විසින් කීප අවස්තාවකදීම ප්‍රසිද්ධියේ කියා තිබේ.

    මුදිතගේ කොමිස් සෙල්ලම

    ලිට්‍රෝ ගෑස් කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් මීට පෙර මෙම තනතුරට පත්වීමෙන්, ගෑස් සිලින්ඩර් ටෙන්ඩර් සඳහා ඉන්දියාවේ Mauria Udyog Ltd සහ Oman Trading International සහ LPG සැපයුම සඳහා Shell Singapore යන සමාගම් වෙත ටෙන්ඩර් ලබාදීම සඳහා විශාල වශයෙන් අල්ලස් ලබා ගැනීම් සිදු කර ඇත.

    ‘මිට්කෝ ගෲප්’ ‘Mitko Group’ආයතනය යටතට ඔහුව පත් කිරීම තුළ Mitko International, Mitko Construction, Mitko Skyswitch,  Mitko Trading, Mitko Homes යන සියලුම සමාගම් ඔහු යටතට පත් විය

    මෙම සමාගම් ඔස්සේ මුදිත පිරිස් ඕස්ට්‍රේලියාවේ සුපිරි පන්නයේ නිවාස 6 ක් සඳහා හිමිකම් කියයි. ඔහු ලබා ගන්නා අල්ලස් ඔහුගේ ගිණුම් හරහා සිදු කරනු ලබයි. එම අල්ලස් මුදලින් මෙම නිවාස මිලදී ගැනීම් සිදුකර ඇත.

    මිට්කෝ හෝම්ස් විසින් වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පර්චස් 87 ක ඉඩමක bricksgate ‘බ්‍රික්ස්ගේට්’ නමින් මහල් 9 කින් යුත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ගොඩනැගු අතර මෙම ව්‍යාපෘතියේ වටිනාකම, කෝටි සිය ගණනකි. ඔහු අයතා ලෙස ටෙන්ඩර් හසුරුවා කොල්ල කෑ මහජන මුදලින් මේවා සිදු කර ඇත.

    LPG ටෙන්ඩරය දෙන්න හොර පාරෙන් කොමිස් ගත් හැටි

    එවකට මුදිත පිරිස්  මෙම මහජන මුදල් මංකොල්ලය සඳහා ඔහු විසින් ලිට්‍රෝ ගෑස් සමාගමේ මුල්‍ය අධ්‍යක්ෂවරිය වන ලක්මාලි හපුආරච්චි මහත්මියගේ සහයද ලබා ගෙන ඇත. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී ඇයගේ ද සහය ඇතිව, අනෙකුත් නීත්‍යානුකූල, සුදුසුකම් සහිත  LPG සැපයුම්කරුවන් වලක්වා ඔවුනට අවශ්‍ය සැපයුම්කරුවන් වෙත ටෙන්ඩර් ලබා දීම සිදු කර ඇත.

    කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් සහ මුල්‍ය අධ්‍යක්ෂවරියට LPG මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 4ක් බෙදා ගන්නා අතර අල්ලසට හිමිවට ටොන් එකකට ඩොලර් 6 ක් වන මුදලින් ඉතිරි ඩොලර් 2ක හිමිවන්නේ මුදිතට සමීප ඇමතිවරයෙකුටය. ලිට්‍රෝ ගෑස් කලමනාකර අධ්‍යක්ෂක  මුදිත සහ මුල්‍ය අධ්‍යක්ෂකවරිය වන ලක්මාලි මාසික පදනම මත OTI මගින් වැටුප් ලබන අතර ඔවුන් තම නිලයන් හි රැඳී සිටීමට උපරිම උත්සාහයක් දැරූ දෙදෙනෙක් බව ඔවුන්ගේ සමීපතමයෙක් අප හා පැවසිය.

    LPG සිලින්ඩර සැපයීමේ කොන්ත්‍රාත්තුවෙනුත් මුදිතට කොමිස්

    ලිට්‍රෝ ගෑස් සමගම විසින් LPG සිලින්ඩර සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Mauria Udyog Ltd. සමාගම වෙත ලබා දී ඇත. පසුගිය වසරේ දී Mauria Udyog Ltd වෙත ලබා දී ඇති කොන්ත්‍රාත් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවයි. Mauria Udyog Ltd විසින් සපයනු ලබන සෑම සිලින්ඩරයක් සඳහාම කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් සහ මුල්‍ය අධ්‍යක්ෂවරිය, ලක්මාලි හපුආරච්චි වෙත ඇමරිකානු ඩොලර් 2 ක අල්ලසක් ලබා දී ඇත. ඉන්දීය Mauria Udyog Ltd සමාගම විසින් සපයනු ලබන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර බොහෝ ගැටලුන්ට මුලික වී ඇත.

    – මසකට පැමිණිලි 100,000 ක් පමණ වසර 2 කට වැඩි කාලයක් තිස්සේ ලැබී ඇති අතර, නව Mauria Udyog Ltd LPG සිලින්ඩරවල සිදු වන ගෑස් කාන්දුවීම් වළක්වමින් ඒවා මුද්‍රා තැබීම සඳහා සෑම මසකම රබර් ගෑස්කට් 40,000 ක් පමණ බෙදාහරින්නන් වෙත ලබා දී ඇත.

    – මෙම Mauria Udyog Ltd සමාගම විසින් සපයනු ලබන LPG සිලින්ඩර කාන්දුවීම් සමස්ත ප්‍රතිශතයක් ලෙස ගත විට එය  60%  අනුපාතයක් පවති.

    – මෙම දෝෂ සහිත සිලින්ඩර් වලින්, ගෑස් කාන්දුවීම් නිසා අවම වශයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙත් එවන් අවධානම් පසුබිමක ලිට්‍රෝ ගෑස් කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස්  Mauria Udyog Ltd සමාගම හා එක්ව ලාභ උපයයි.

    මුල්‍ය වංචාවට ආශිර්වාදයක් වූ ප්‍රසිද්ධ ඇමති

    ඉහත සියලු ගනුදෙනු වලදී ලිට්‍රෝ ගෑස් කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් සහ මුල්‍ය අධ්‍යක්ෂකවරිය වන ලක්මාලි සමඟ ජාවාරමේ සිටියේ එවක සිටී ප්‍රසිද්ධ ඇමතිවරයෙකි. 2015 මහ මැතිවරණයේදී මෙම ඇමතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට ආධාර කිරීම සඳහා මුදිත ගෑස් සිලින්ඩර දහස් ගණනක් නොමිලේ ලබා දී තිබුණි. මෙය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් සඳහා මහජන මුදල් යෙදවීම සම්බන්ධව වන සහ බරපතළ අක්‍රමිකතාවකි. මෙම මුල්‍යමය වංචාවන් පිටුපස සිටින්නේ රවී කරුණානායක හිටපු අමාත්‍යවරයායි.

    තවදුරටත් මෙම වංචාවන් සිදු කරගෙන යෑම සඳහා පුෂ්පකුමාර එදිරිසිංහ, කමල් වික්‍රමසිංහ සහ ජයන්ත බස්නායක ලිට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස උසස් කිරීම සහ ඔවුන්ගේ මාසික අධ්‍යක්ෂක වේතන හා වාහන දීමනා ලක්‍ෂ 5කින් වැඩි කිරීම, මෙම වංචාවන් අවශ්‍ය පරිදි සිදු කර ගැනීමට මුදිතට හැකි විය. මෙම අධ්‍යක්ෂකවරුන් තිදෙනාට සිය උසස්වීම් හිමිවුයේ මුදිත පිරිස් ට සහ ලක්මාලි හපුආරච්චිට අවශ්‍ය ආකාරයට සිය වංචාවන් සිදු කර ගැනීම සඳහායි. ඔවුන් තිදෙනා අධ්‍යක්ෂවරුන් ලෙස උසස් කරනු ලැබුවේ පක්ෂපාතී වීම හේතුවෙනි.

    අයතා ලෙස වියදම් කල ලිට්‍රෝ ගෑස් අරමුදල්

    ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි මුදිත හර්ෂජිත් මහතා 2018 නොවැම්බර් මාසයේදී ස්ථිර මහාධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ ලිට්‍රෝ ගෑස් අරමුදල් (මහජන අරමුදල්) එම සමාගමේ කිසිදු සේවකයකු නොවන වෙනම පුද්ගලයන් 39 දෙනෙකු සඳහා ප්‍රවාහන දීමනා ගෙවීමට යොදා ගත් බවයි. කෙසේ නමුත් මෙම ගෙවීම් අනුමත නොවූ අතර ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මහජන මුදල් යොදවා පවත්වාගෙන යනු ලබන රහස්‍ය ගිණුමක් හරහා මෙම ගෙවීම් සිදු කර ඇති බව CFO සාක්ෂි දුන්නේය.

    මුදිතවම සභාපති කරන්නේ කාගේ උවමනාවට ද?

    අප රටෙහි විශාලතම LPG ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුර තබා කිසිඳු තනතුරක් දැරීමට ඔහුට කිසිදු මූලික අධ්‍යාපනයක් නොමැත. මෙවන් ඉතිහාසයක් සහිත මුදිතව ම ලිට්‍රෝ ගෑස් සභාපතිධුරයට පත් කිරීම කාගේ උවමනාව ද? කෙසේ නමුත් එවකට ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ධුරයට මොහුව පත් කලේ රවී කරුණානායක විසින් බව ප්‍රසිද්ධ රහසකි. මොහු විසින් අවස්ථා කීපයකදීම හිටපු අමාත්‍ය විමල් විරවංශ මන්ත්‍රීතුමාට මුදල් ලබා දී ඇති බව ඔහු විසින් කීප අවස්තාවකදීම ප්‍රසිද්ධියේ කියා තිබේ. ලිට්‍රෝ ගෑස් සමාගම් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මුදිත අයතා ලෙස ඉපැයූ මුදල විගණනය කළ නොහැකි තරම් ය. එසේනම් මහා පරිමාණයෙන් කොමිස් මුදල් ලබා ගනිමින්, සිය තනතුර සහ නිල බලය අයතා ලෙස යොදා ගනිමින් ක්‍රියා කල මුදිත පීරිස් වැනි හොරෙකුට ලිට්‍රෝ ගෑස් සභාපතිකම දී බලාපොරොත්තු වන්නේ කුමක් ද? මුදිත පීරිස්ව සභාපති කරමින් මේ පත් කරන්නට යන පත් කිරීම පසු පස සිටිනා ප්‍රභල දේශපාලන චරිතය කවුරුන් ද?

    ලෙස ඔවුන් ප්‍රශ්න කර තිබේ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version