ලිට්‍රො සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
සංයුතිය වෙනස් කරන ලද ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදාහැරීම තුළින් පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් ගෑස් ලිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් රාශියක් වාර්තා විය.
මේ සම්බන්ධයෙන් නිසි ලෙස ජනතාව දැනුවත් නොකිරීම සහ දිගින් දිගටම ඔහුගෙන් කරන ලද ප්‍රශ්න හමුවේ මාධ්‍ය මඟහැර සිටීම හේතුවෙන් ද ඔහු මහත් අප්‍රසාදයට ලක්ව ඇත.
ඒ අනුව තෙෂාර ජයසිංහ මහතාගෙන් හිස් වූ ධූරය සඳහා රේණුකා පෙරේරා පත්කර ඇති බව ද වාර්තා වී ඇත.













































