නැවත දැනුම්දෙන තුරු ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවන බවට ලිට්‍රො ගෑස් සමාගම නිවේදනය කර ඇත.
ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට පැහැදිලි සහතිකයක් ලැබෙන තුරු මෙම තීරණය ක්‍රියාත්මක කරන බව එම සමාගම ප්‍රකාශ කරයි.
එමෙන් ම ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.වෑගපිටිය මහතා සඳහන් කළේ ඔවුන් පාරිභෝගික අධිකාරියෙන් හෝ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යවරයාගෙන් මෙවැනි කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.
එබැවින් ලාෆ් සමාගමේ ගෑස් බෙදාහැරීමේ සහ අලෙවි කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ඔහු සඳහන් කර ඇත.