(ජේෂ්ඨ මාධ්‍යවේදී චාමින්ද දිසානායක ඉදිරිපත් කරන මෙම නවකථාව අද සිට සතිපතා කොටස් වශයෙන් පලවේ.)
අහස් තළයම ගිගුරුම් දී වසින්නාවු වර්ෂාව පැය ගණනාවක සිටම පවතියි. වේලාව සැන්දෑවේ සය හමාරට පමණ වන්නට ඇත.ස්භාවික අන්ධකාරය වැසි අන්ධකාරය සමග සංකලනය වී අමුතුම වූ අන්ධකාරයකි.වර්ෂාව තව තව වැඩි වනවා මිස අඩුවන පාටක් නැත.හෙණ හඩද පුපුරා යන්නේ අමුතුම තිගැස්මක් ඇති කරවමිනි.
පාළු මාවතකි.නමුත් සාමාන්‍ය වාහනයකට යාමට බැරිකමෙක් නැත.ඒ ඝණ වනාන්තරය මැදින් ඇති පාළු මාවතේ පෝවඩ් රථයක් පදවාගෙන එන්නි තරුණ නාඹර රූමතියකි.මාර්ගයේ සමහර තැන් සුළගට කැඩි ආ අතු නිසා ආවර්ණය වී ඇත.ඒ සෑම මොහොතකදීම තරුණිය පෝවඩ් රථයෙන් බැස මහා වැස්සේ තෙමි තෙමී ම මාර්ග බාධාවන් ඉවත් කරන්නීය.ඇදුම් තෙත බරිත වී ඇගටම ඇලි ඇති අයුරු තවකෙකු ට පෙණෙනුවේ ඇය රථයෙන් බසින විට රථයේ ආලෝකයෙන් පමණි. රන්වන් පාට වූ කිරි ගරුඪ සිරුර විනිවිධව දිස් වී අමුතුම චමත්කාරයක් මවයි.
දැඩි සීතලේ ගැහෙමින් ඇය වාහනය පදවයි.පුපුරා යන හෙණ හඩින් ඇයගේ කාන්සිය නැමැති භීතිය තවත් ත්‍රිව්‍ර කරවයි.ඇය ක්‍රමයෙන් පාළු මාවතේ මහා වනය ඇතුලට යනවා හා සාපේක්ෂවම රාත්‍රිය නැමැති අන්ධකාරයටද කාලය ක්‍රමයෙන් සංක්‍රමණය වෙයි.මේ ඝණ අන්ධකාර රාත්‍රියේ රෑසියන් ගේ අමිහිරි නාදය ලොව දස දෙස පතුරවාලයි.භයානක මහා වනය මැදින් තව දුරටත් ඉදිරියට යාම තේරුමක් නැත.වැසි අකුණු හඩට තවත් භයානක නාද එකතු කරයි.වලසුන් හා වෘකයන් ගොරවන හඩද ඇසී නැති වී යයි.තද වර්ෂාවත් සමග හමනා සුළගින් රෑක්ෂ ගහකොළත් මාවත දෙසට නැමී නැවතත් දිග හැරෙයි.කවුරුන් විසින් හෝ කරවන ක්‍රියාවක් මෙන් විටෙක සිතෙයි.
මේ පාළු රාත්‍රියේ මහා වන මැද අතරමං වුන ඕ කොහේ කියා නවතින්නද?. මේ ගමන නාවානම් යැයි කල්පනා වෙයි.මාර්ගය පෙනෙන්නේ ද බොද වු සිතුවමක් ලෙසිනි.වන මැද අතරමං වුන රූමතියට කාගේ පිළි සරණක්ද?භීතිය හදවතේ හොලමන් කරයි.ඇයගේ තනි නොතනියට සිටිනුවේ භයානක හඩ දෙමින් සෙලවෙන ගහකොළ පමණි.වර්ෂාවද තව දෙතුන් ගුණයකින් වැඩි වෙයි.
වැසි ඝෝෂාව පරයා කන් කීරි ගස්සවා යමින් බල්ලෙකුගේ උඩු බිරලීම් නාදයක් පැතිර යයි.භයංකාරත්වය කොපමන දැණුනත් ඇයට එක දෙයක් සිතා ගත හැකියි.ඒ නම් අසලම මිනිස් ජනාවාසයක් ඇති බවයි.උඩු බිරලීම තවත් ත්‍රිවුර විය.හදිසියේම රථය තුලට හිරි කඩ රොත්තක් සමග හැමුවා වු සුළගින් ඇග අයිස් කුට්ටියක් මෙන් සීතල වී ගියාය.උඩු බිරලීම තවත් මූසල කරමින් බළලුන් පොර වැටෙනා නාදයක් ඇසුනේ තමාට සරදම් කරන්නාත් මෙනි.ඇගෙන් බේරී යන වැහි බිංදුන් ට හදවත ගැහෙමින් පතිත වන දාඩිය බිංදු ද එක් කළාය.
වාහනය අසිරුවෙන් පදවාගෙන ගිය ඇය පාළුමාවත අවසානයේ තිබු විශාල බංගලාවක ගේට්ටුව අසල නතර කළාය.බැලු බැල්මට පාළු බංගලාවකි.මෙහි කවුරුන් හෝ වාසය කරනවායැයි තීරණය කළ හැක්කේ ඉහළ මහලේ දැල්වෙන ආලෝකයෙනි.ඇය සැණසුම් සුසුම් හෙලුවාය.නලාව කීප විටක් නාද කළත් ගේට්ටුව ඇරීමට කිසිවෙකු ආවේ නැත.ඇය රථයෙන් බැස අගුළු නොදැමු ගේට්ටු පියන් විවර කර රථය ඇතුළු කරවීය.බල්ලන් රොත්තක් බුරාගෙන ආ මුත් ඇය අසල දී කි කරු වී වලිගය වැනුවේ හාස්කමක් මෙනි.
සට සට ගා සීතලේ වෙව්ලයි.එහෙත් ඇය රථයෙන් බැස මහා බංගලාවේ ප්‍රධාන දොරටුව අසලට ගියා ය.
,,ගෙදර කවුද?,,
එහෙත් කිසි ශබ්දයක් නැත.
,,ගෙදර කවුද?,,ඇය උස් හඩින් කෑ ගැසීය.
වාහනයේ නලා හඩ බල්ලන් බිරුව හඩ තමා කතා කළ හඩ ඇතුලේ සිටින අයට නෑසෙන්න ඇත්තේ තාමත් පවතින වැසි ඝෝෂාව නිසා විය හැකියි.
වේලාව රාත්‍රි අටට පමණ වීමට ඇත.තවම නිවැසියෝ නිදා සිටිනවානම් විය නොහැකියි.සීතලේ ඇග වෙව්ලා යයි.හදවත භීතියෙන් ගැහෙයි.නැවතත් කණ් අඩි පුපුරවා යමින් අකුණක් පිපිරී ගියේ ය.එය පාත් වූයේ මේ අසලටම විය හැකියි.
,,ගෙද කවුද…ගෙදර කවුද?,,ඇය නැවතත් කීප විටක්ම කෑ ගසමින් දොරට තඩි බෑවාය.
,,ආ..ර්..ක් ..,,කාරන ශබ්දයක් ඇසී ඇය තිගැස්සී ගියා ය..
ඒ ඇතුලෙන් පිරිමි හඩකි.මහා හඩක් නගමින් දොර විවර කළ තැනැත්තා වයස අවුරුදු තිස්පහක් පමණ වන කඩවසම් තරුණයෙකි.කළු වැසි කබායක් සමග හිස් වැස්මක් පැළද සිටින හේ අත විදුලි පන්දමකි.
නිවැසියා එළියේ විදිලි බුබුල දැල්වීය.හිස සිට පාදාන්තය දක්වා තරුණිය දෙස බැලුවාය.පාලනය කර ගත නොහැකි සරාගික හැගීම් සමුදායකින් හදවත කිති කැවී ගියේ ය.ඇගටම ඇලුණු තෙත බරිත වූ ඇදුමින් මුලු ඇගම නිර්වස්ත්‍රව කිරිගරැඩාකාරයෙන් පෙනෙයි.ඇය බයාදු අසරන යුරින් තරුණයා දෙස බලා හිදියි.දිගු කෙස් කළඹ තෙත් වී දෙපසට කඩා වැටී ඇත.මුහුණේ ඉතිරි වූ දිය බිදු අළංකාරත්වය කාමුකත්වය තවත් ත්‍රිවුර කරවයි.ඇය ඉටි රෑපයක් මෙන් ලස්සනයි.දුහුල් හැට්ටයෙන් තෙත බරිතව පිම්බි ආ රණ හසුන් යුවල තමා සිප ගන්නට සිටිනවායැයි තරුණයාට දැණෙයි.
,,මම අතර මං වුනා . මට පාර වැරදුනා මම සන්ධයා කුමාරි .මම මාධ්‍යවේදිනියක්,,ඇය පුවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කළ රාජකාරි හැදුණුම්පත තරුණයාට දිගු කළාය.
,,ඔව් මම ඔබ ගැන දන්නවා.ඔබ කරදරයක වැටිල කියල මට තේරෙනවා.මම ඔයාට උදව් කරන්නම්,,
ආගන්තුක රෑමතියගෙ කාමුක රණ හසුන් දෙස බලා ඇරයුම් කළද තරුණිය තවත් මොහොතක් බලා සිටියා ය.ඒ සමගම මහත් හඩක් නගමින් තවත් අකුණක් අසලට ම පාත් වූවේ දෙදෙනාම භීතියට පත් කරමිනි.රූමතිය ඒ හඩට විසි වී තරුණයාගේ ඇගේ හැපී නතර විනි.තරුණයා ඇයගේ සීතල අතින් අල්ලා ගත්තාය.
,මේ වෙලාවේ ඔයාට මම ඇරෙන්න උදව් කරන්න වෙන කවුරුත් නැහැ.මිස් සන්ධයා ඔයා බය වෙන්න එපා.මේ වගේ ලස්සන නෝන කෙනෙකුට තනියෙන් එන්න හොද පළාතක් නොවෙයි මේ..ඔයාගේ අසරණ කමින් මම මේ වෙලාවේ අයුතු ප්‍රයෝජන ගනි කියල හිතන්න එපා. මම ඔයාට උදව් කරන්නම්,,හේ ඇයගේ අත මුදා හළේය.
දෙවන කොටස ලබන සතියේ
..චාමින්ද දිසානායක