- දයාබර බිරිඳ දෙන වකුගඩුව බද්ධ කරගන්න ඔයාලගෙ සහය පතන 31 වියැති චාමර
- ලේ මාරු කරන්න යන්න සල්ලි නැතිව කි ;ම් 15 පයින් යනවා .
- තමන්ගෙ ඇඟේ කොටසක් සැමියාට දෙන තරමට ඒ ප්‍රේමය අවංක විය…
- හැමෝම ඒ දෙන්නට ආශිර්වාද කරමු..සංසාරගත ආදරයක් වෙන්න ඇති….
ඔවුන්ගේ ලිපිනය ඒ.එම්. චාමර මධුසංඛ ,නො 6 /37 , වටගල ,දේවහුව ,ගලේවෙල . දුරකථන අංකය 076 3700608 මහජන බැංකුවේ ගලේවෙල ශාඛාවේ ගිණුම් අංකය ඒ .එම් . චාමර මධුසංඛ නමින් 115 – 2 -0 0 3 -2 -0 0 3 6 9 5 8 වෙයි.
සැමියාට වකුගඩුවක් දෙන්න බිරිඳ සූදානම් වුවත් සැත්කමට මුදල් නැතිව දවසින් දවස ජීවිත සිහිනය බොද වෙන දරුවන් දෙදෙනෙකු සිටින අසරණ තාවයට පත් වූ පවුලක් පිළිබඳ පුවතක් ගලේවෙල ,දේවහුව වටගල ප්‍රදේශයෙන් වාර්තා වේ.
තවමත් තිස් එක් හැවිරිදි වියේ පසුවන ඒ .එම් . චාමර මධුසංඛ දෙදරු පියෙකි. වසර ගණනාවක සිට චාමර උග්‍ර වකුගඩු රෝගයකට ලක්ව ඔහුගේ වකුගඩු දෙකම අක්‍රීය මට්ටමේ පවතින බව කියයි.
කොළඹ රාගම රෝහලේ සහ තවත් රෝහල් කිහිපයකින් ප්‍රතිකාර ලැබූ ඔහු මේ වන විට දඹුල්ල මූලික රෝහලේ වකුගඩු රෝගී ඒකකයෙන් සතියකට අවස්ථා දෙකකදී ලේ පිරිසුදු කරන නිසා තවමත් දිවි ගැට ගසා ගන්නා බවත් ඔහු පැවසීය.
වටගල සිට දඹුල්ල රෝහලට කිලෝමීටර් 13 – 15 අතර දුර ප්‍රමාණයක් ලේ මාරු කිරීම සඳහා පා ගමනින් යන්නට ඇතැම් දිනවල ඔහුට සිදුවන බවත් ,ත්‍රිරෝද රථයකින් යාමට රු 800 ක මුදලක් වැය වන බවත් , එම මුදල සොයා ගැනීමට නොහැකි බවත් දැඩි වේදනාවෙන් යුතුව චාමර මධුසංඛ පැවසීය.
වකුගඩු රෝගයෙන් පෙළෙන චාමර මධුසංඛ මහතාගේ බිරිද එච් .ඒ .සුගන්ධිකා බණ්ඩාර මහත්මියගේ මව වයෝවෘද්ධ තාවයෙන් පසු වුවද ඇය අහල පහල කුඹුරු වල වතුපිටිවල කුලී වැඩක් කරගෙන මෙම දරුවන් සිව් දෙනා හට එක වේලක් ආහාර දෙමින් ජීවත් කරවන බව සුගන්ධිකා බණ්ඩාර පැවසුවාය.
4 වැනි වසරේ ඉගෙනුම ලබන මෙම යුවළගේ දියණියත් තවමත් පෙර පාසල් වියේ පසුවන පුතණුවනුත් දිනකට එක් වේලක් ආහාර ගෙන දැඩි වේදනාවෙන් යුතුව ජීවත් වන බව ඔවුන් පැවසූහ.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත මෙම නිවස සොයා දේවහුව වටගල ප්‍රදේශයට අප වියලි ආහාර පාර්සලයක් ද රැගෙන එහි යන විටත් ඔවුන් උදේ ආහාරය පමණක් ලබාගෙන සිටි බව ද ඔවුන් පැවසූහ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවන චාමර මධුසංඛ මෙසේ පැවසීය.
“මම කොන්ක්‍රීට් වැඩපළක තමයි වැඩ කළේ ඒ අතරේ මට හර්නියා කියලා ඔපරේශන් එකකුත් කළා එතනදි තමයි දැනගත්තේ මගේ වකුගඩු දෙකම අක්‍රීය වෙලා කියලා. එදා ඉඳලා මේ දක්වා විවිධ ප්‍රතිකාර කළා දැන් අවසානයේදී ලේ මාරු කර කර තමයි ජීවත් වෙන්නේ”
“වෛද්‍යවරු කිව්වේ වකුගඩුවක් බද්ධ කළොත් ජීවත් වෙන්න පුළුවන් කියලා .ඒ අනුව මගේ බිරිඳ වකුගඩුවක් දෙන්න සූදානම් වුණා. පරීක්ෂණ ඔක්කොම කරලා තියෙන්නේ ඔපරේෂන් එක කරන්න පුළුවන්.
මහනුවර රෝහලේ තමයි කරන්න තියෙන්නේ ඔපරේෂන් එක කරන්න ගිහාම අපිට නුවර කොහේ හරි නවතින්න වෙනවා .මාස කීපයක් ඒත් දරුවන්ට කන්න බොන්න විදියක් නෑ ඒවගේම ඔපරේෂන් එක කලහම මුදලක් යනවා ජීවත් වෙන්න නෝනට වැඩක් කරන්නත් හැකියාවක් නැති වෙනවා නිවසක් කුලියට අරන් ඉන්න විදියකුත් නෑ ඒ නිසා මුදල් ටිකක් හොයාගන්න වෙනවා මුදල් සොයා ගැනීම අපට හීනයක්. ඒ නිසා කවුරු හරි උදව් කලොත් මට දරු දෙන්නත් එක්ක ජීවත්වෙන්න පුළුවන් වෙයි එහෙම නැති වුනොත් මගේ ජීවිතේ නැති වෙලා යයි කියලා බයක් දැනෙනවා.”
චාමර මධුසංඛ මහතාගේ බිරිඳ සුගන්ධිකා බණ්ඩාර මහත්මිය මෙසේ පැවසුවාය.
“මගේ අම්මා තමයි කුලී වැඩක් කරලා අපේ හතර දෙනාටම එක වේලක් හරි කන්න දෙන්නෙ. දුවට දුරකථනයක් නැති නිසා ඉගැන්වීම් කටයුතු සියල්ලම නැවතිලා තියෙන්නේ. අහල පහළ ගෙවල් වලට ගිහිල්ලා දරුවන්ගේ පොත් පත් බලාගෙන ඒවා ලියනවා .ඒත් ඉතින් ඉගෙන ගන්න විදිහක් නෑ දරුවෙකුට අඩුම තරමේ බිස්කට් එකක්වත් අරන් දෙන්න අපිට වත්කමක් කමක් නෑ”
“ඒ තරම් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මම මගේ මහත්තයාට එක වකුගඩුවක් දෙන්න සූදානමින් ඉන්නේ .අපට මේ සැත්කම් කර ගන්න කවුරුහරි උදවු කළොත් ඒ ඇති. මොකද මගේ දරුවො දෙන්නා තවමත් පොඩි වයසේ පසු වෙන්නේ .මටත් රැකියාවක් නැහැ. අපට කවුරුහරි උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ,”
ඔවුන්ගේ ලිපිනය ඒ.එම් . චාමර මධුසංඛ ,නො 6 /37 , වටගල ,දේවහුව ,ගලේවෙල . දුරකථන අංකය 076 3 700 608 මහජන බැංකුවේ ගලේවෙල ශාඛාවේ ගිණුම් අංකය ඒ .එම් . චාමර මධුසංඛ නමින් 115 – 2 -0 0 3 -2 -0 0 3 6 9 5 8 වෙයි.
(දඹුල්ල කාංචන්චන කුමාර ආරියදාස 0773416157 / 070 6416157)
( Facebook උපුටා ගැනිමක්. )
