පිටකොටුව තොග වෙළදපොලේ ලොකු ළූණු සහ අර්තාපල් මිල තවත් පහතට වැටී ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය සතියේ රුපියල් 130 ක්ව පැවති ලොකු ළූණු තොග කිලෝවක මිල මේ වන විට රුපියල් 95 ක් දක්වා පහළ බැස ඇති බවත් රුපියල් 150 ක්ව පැවති අර්තාපල් කිලෝවක මිල රුපියල් 130 ක් දක්වා පහළ බැස ඇති බවත් ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි .














































