ලොතරැයි මිල ඉහළ දැමීමත් සමඟ ලොතරැයි අලෙවිය දැඩි ලෙස අඩුවිමත් සමඟ ලොතරැයි අලෙවිකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිළිබඳව කරන ලද විමසීම්වලදී අදහස් දක්වන හැටන් හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ලොතරැයි අලෙවිකරුවන් කිහිප දෙනෙකුම පවසන ලද්දේ ලොතරැයි පතක මිල රුපියල් හතලිහ දක්වා ඉහළ දැමීමත් සමඟ ලොතරැයි අලෙවිය දැඩි ලෙස පහළ බැස ඇති බවත්ය.
මිල වැඩි කිරිමට පෙර අලෙවි වූ ලොතරැයි පත් ප්‍රමාණයට වඩා මිල වැඩි කිරිමෙන් පසු අලෙවිවන ලොතරැයි පත් ප්‍රමාණය සියයට 65කින් පමණ අඩු වී ඇති බවත් එම තත්වයන් මත තමන්ට දෛනිකව ලැබෙන ආදායමද දැඩි ලෙස පහළ වැටීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එම පිරිස් වැඩි දුරටත් පවසති.