ඉතාම කෙටි කාලයක් තුළදී සිය අධ්‍යාපන කුසලතාවයෙන් ලොව ජයගනිමින් රටක් හඳුනන දිරිය දියණියක් බවට පත්වූ දෙව්මි රන්සරා කුලතුංග දියණිය හදිසි රෝගාබාධයක් හේතුවෙන් අවාසනාවන්ත අයුරින් ජීවිතයෙන් සමුගෙන ඇත.
පසුගිය කාල වකවානුව තුළ දී ඇය පිළිබඳ සමස්ථ රටේ අවධානය යොමු වූයේ උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු ඇය ශිෂ්‍යත්ව විභාගය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගය ද ඉහළින්ම සමත් වීමට හැකියාව ලැබීමත් සමග.
ඇය තමන්ට උපතින් හිමි වූ ජීවිතයට අභියෝග කරමින් ඉගෙනුම් ක්‍රියාවලියේ සුපිරි දස්කම් දැක්වූ ඇය හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය දා මාතර රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
එහි දී ඇය ඉතාමත් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත.
මාතර බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි ඇය කඩයිම් විභාග හමුවේ විශිෂ්ඨ දස්කම් දක්වා මුළු රටේ ආදරය ප්‍රශංසා මෙන්ම අශිර්වාද හිමි කර ගැනීමට සමත් විය.
දෛවයේ සරදමට ලක්ව මෙවැනිම අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරුව සිටින සමස්ත ප්‍රජාවටම ශක්තියක් මෙන්ම හොඳ නිදසුනක් වෙමින් කැපවීමෙන්, අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළ මේ ආදරණීය දිරිය දියණියට අප රාවණා මාධ්‍ය ජාලය විසින් අමා මහ නිවනම ප්‍රාර්ථනා කරන්නෙමු.