English
සිංහල
10:39 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලොවක් මවිත කළ ශ්‍රී ලංකාවේ බලංගොඩ මානවයා.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ලෝහ නිස්සාරණය 18 වන සියවසේ එංගලන්තයෙන් සොයා ගත් බවට පැවසුවද ඉතා පුරාණ කාලයේ සිට මෙරට වැසියෝ යකඩ නිස්සාරණ තාක්ෂණය දැන සිටි බවට සාධක හමු වී ඇත. අතීතයේ ඩමස්කස් කඩු සෑදීමට මෙරටින් වානේ ලබා ගත් බවට ලිඛිත සාක්ෂි ද හමු වී ඇත.

    මේ සම්බන්ධව ප්‍රබල පුරා විද්‍යාත්මක සාධකයක් හමු වන්නේ සීගිරිය අලකොළවැව දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයෙන් (යකඩ නිස්සාරණ උදුන් 139ක් සොයා ගත් අතර ක්‍රි.පූ. 180 සිට ක්‍රි.ව. 200 පමණ දක්වා කාලය තුළ මයිනහමක ආධාරයෙන් සුළං බලය යොදා එහි යකඩ නිස්සාරණය කර තිබේ) හා බලංගොඩ,සමනල වැව ප්‍රදේශයෙනි. සමනලවැව දී මෙහිදී මැටි කල,යබොර,යපස් නිධි හා යකඩ උදුන් හතරක් හමු විය.මෙම මැටි කල ක්‍රි.ව.7-10 කාලයට අයත් බව කාබන් කාල නිර්ණයෙන් සොයා ගෙන ඇති අතර කුඹල්ගම, මුත්තෙට්ටුවේගම, අලුත්නුවර, ඉඹුල්පේ, හතරබාගෙ, පඹහින්න යන ප්‍රදේශවල මෙම කර්මාන්තය තිබී ඇති බවට සාධක ඇත.

    ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල් වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතු අතර යකඩ උණුවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අත්‍යවශ්‍යවේ.සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ. තෙවන සියවසේ දීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං (නිරිතදිග මෝසම් සුළං) බලයයි. කඳු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන වියළි සුළං මඟින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ.

    වර්තමානයේදී ද වසරේ නිරිතදිග මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසු දා පහන් වන තුරු අඛණ්ඩව හමා යන බව අත්විඳිය හැක.මෙම උදුන් දැල්වීම සදහා යොදා ගෙන ඇත්තේ ‘මරං’ නමින් හැදින්වෙන ගස් පුලුස්සා ලබා ගන්නා අඟුරු වන අතර අදත් මෙම පළාතේ මරං ගස් (මෙම ගස් වර්ගය ‘යකඩමරං’ ලෙසද හැඳින්වේ) දක්නට ලැබේ. උදුන මැටි වලින් සාදා ඇති අතර එහි ඉදිරිපස බිත්තිය බටහිර දෙසින් එන සුළඟට මුහුණලාත් පසුපස බිත්තිය කඳු මුදුන දෙසට මුහුණලාත් සාදා තිබේ.

    ඉදිරි බිත්තියේ දිග මීටර 2ක් පමණ වන අතර ගැඹුර අඩි දෙකකට ආසන්න වන සේ සාදා ඒ අනුව උදුන පතුලේ වර්ගඵලය සකසා ඇත. උදුන තුළට වාතය ඇතුළු වීම සඳහා කුඩා වෘත්තාකාර බට එහි ඉදිරිපස බිත්තියේ සාදා තිබේ. එම බට රවුම් හැඩයට නිර්මාණය කර ඇති බැවින් ඇතුළත සහ පිටත පීඩන අන්තරය මගින් ඒවාට සිදු වන හානිය අවම වේ.

    යකඩ නිස්සාරණයේදී සෑදෙන ලෝ බොර පිටතට ගලා ඒම සඳහා සිදුරක් උදුනේ පහළින්ම සාදා තිබේ.සමනළවැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ග යැයි සැලකේ. උදුනේ පතුළේ පිදුරු සහ දහයියා තැන්පත් කර ඊට උඩින් ප්‍රධාන ඉන්ධනය ලෙස භාවිතා කරන දර අඟුරු දමා (මරං දර අඟුරු) ඉහළින්ම නිස්සාරණයට ලක් කරන යපස් තැන්පත් කරයි. ඉන්පසු උදුනට ගිනි දැල්වූ පසු දහනයට අවශ්‍ය වාතය උදුනේ ඉදිරිපස බිත්තියේ මධ්‍ය කොටසේ ඇති කුඩා වෘත්තාකාර සිදුරු හරහා උදුන තුළට ගැනේ. උදුනේ හැඩය නිසා එම වායු ධාරාව අනාකූලව ගලා යෑමෙන් එහි පහළ වාතය ඇතුල් වන ස්ථානයේ සහ ඉහළ දහනය සිදු වන ස්ථානයේ පීඩන අනුක්‍රමණයක් ඇති වීම නිසා වාතය, දහනය සඳහා ඔක්සිජන් සපයමින් උදුන තුළින් ඉහළට ගමන් කරයි.

    උදුන තුළ දහනය සිදුවන්නේ 1500C ට පමණ වන අධික උෂ්නත්වයක් යටතේ වන අතර ඉහළින් පිටවන විට වාතය 925C කට පමණ රත් වී පිටව යන අපවාතයෙන් කොටසක් උදුන උඩින් හමා යන සුළං ප්‍රවාහය සමග එක්ව බැහැර වේ. උදුන තුළට පහළ සිදුරු ඔස්සේ ඔක්සිජන් සහිත අලුත් වාතය ඇතුළු වීම සඳහා එම පියවර වැදගත් වන අතර එමගින් උදුන් තුළට අඛන්ඩ වාත සැපයුමක් පවත්වා ගෙන යයි. එමෙන්ම අපවායු වලින් යම් කොටසක් නැවත උදුනේ ඉහළ ඇති යපස් වෙත සංසරණය වන අතර 850`C පමණ රත් වී ඇති එම අප වායු උදුනේ ඉහළ ඇති යපස් දහනයට රුකුළක් වේ.උදුන පැය 5ක් පමණ දැල් වෙද්දී එහි ඇති යපස් දිය වී යකඩ ලෝහය වෙන් වන අතර ඒ නිස්සාරණය වුණු යකඩ හා යපස් වල තිබූ අනෙකුත් අපද්‍රව්‍ය නිසා සෑදෙන ලෝ බොර දර අඟුරු මැදින් උදුනේ පහළට ගමන් කරයි. ලෝ බොර සහ වානේ වල ඝනත්ව වෙනස් නිසා ඒවා උදුනේ වෙනස් මට්ටම් වල රැඳෙන අතර මෙහිදී ලෝ බොර සහ වානේ යම් ප්‍රමාණයකට මිශ්‍ර වීමක් සිදු වේ.

    ලෝ බොර වලින් යම් ප්‍රමාණයක් උදුනේ පහළ ඇති සිදුරෙන් පිටවී යන අතර උදුනේ දර අඟුරු තුළින් අධික උණුසුම්ක් සමග පහළට බසින විට ඒවායේ ඇති කාබන්, යකඩ සමග මිශ්‍ර වේ. එමගින් කාබන් ප්‍රතිශතය ඉහළ වානේ උදුන තුළ නිර්මාණය වන අතර ක්‍රියාවලිය අවසන් වූ පසු උදුන කඩා දමා එය සිසිල් වූ පසු වානේ කුට්ටි පිටතට ගැනේ. එබැවින් මෙම උදුනක් භාවිතා වන්නේ එක් වරක් පමණක් වන අතර නැවත නිස්සාරණයට නව උදුනක් නිර්මාණය කළ යුතුය.

    මීට වසර කිහිපයකට පෙර දෙස් විදෙස් විද්වතුන් රැසකගේම සහභාගීත්වයෙන් මෙම නිස්සාරණ ක්‍රියාවලිය ආදර්ශනය කිරීම සඳහා ආකෘතියක් නිර්මාණය කෙරුණ අතර එහිදී ඉහත පැවසූ පරිදිම කාබන් ඉහළ වානේ නිශ්පාදනය කිරීමට හැකි විය. වසර 2000කට පෙර ශ්‍රී ලංකාවේ වානේ තාක්ෂණයේ විද්‍යාත්මක නිරවද්‍යතාවත්, මෙරට වානේ එකල අනෙක් රටවල් වල පවා ප්‍රකටව තිබූ බවට වූ පුරාවෘත්තයත් (ඉපැරණි සිරියානු ඉතිහාස වාර්තාවල ලංකාවෙන් (සිව්හෙලය ) එරටට අනර්ඝ තත්වයේ වානේ අපනයනය කළ බව සඳහන් වේ) එයින් යළි යළිත් තහවුරු විය.

    මෙලෙස ස්වාභාවික සුළං බලයත්, භූ පිහිටීමත් හා පාරිසරික සාධකත් මූලික කර ගෙන යකඩ නිස්සාරණය කිරීමේ ක්‍රමයක් ලොව වෙනත් කිසිදු රටක කිසිදු ශිෂ්ටාචාරයකින් වාර්තා වී නොමැති අතර මෙයින් පසක් වන්නේ අතීතයේ පටන් මෙරට වැසියන් තාක්ෂණික දැනුමෙන් පොහොසත් බවයි. 1988 දී රත්නපුර දිස්ත්‍රික්කයේ සමනලවැව ප්‍රදේශයේ ජල විදුලි ව්‍යාපෘතියක් සඳහා ක්ෂේත්‍ර අධ්‍යනයක් කරමින් සිටි නිලධාරීන් පිරිසකට ඒ ආශිත කඳු ගැටයක් මත මෙම නටඹුන් හමු වූ අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසු එම නටඹුන් පුරාවිද්‍යා නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය. පසුව කළ කැණීම් වලින් සමනලවැව සහ සීගිරිය අවට ප්‍රදේශ වලින් මේ වර්ගයේ උදුන් 139ක්ම සොයාගැනීමට හැකිවූ අතර කාබන් කාල නිර්ණයට අනුව මෙ උදුන් වසර 2000ක් පමණ පැරණි බව සොයාගෙන ඇත. මෙරට වානේ තාක්ෂණය පිළිබදව පැහැදිලි සාක්ෂි හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

    • නිස්සාරණය වන අවස්ථාවේ දල රූප සටහනක්
    • මෑතකදී නිස්සාරණය කල අවස්ථාවක්.

    උපුටා ගැනීමකි

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version