ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ වත්කම ද පහත වැටී ඇති බව වාර්තා වේ.
ඩොලර් බිලියන 200 දක්වා ඔහුගේ වත්කම් අඩුව ඇති බව සඳහන් වේ.
මීට හේතු වී ඇත්තේ ඔහු විසින් පසුගිය දා අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැය කර ට්වීටර් සමාගම මිලදී ගැනීමත් ,ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහත වැටීමත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව මේ වන විට ඊලෝක් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 195ක් වශයෙන් දැක්වෙන බව ද සඳහන් වේ.















































