ලොව පුරා විහිදී සිටින බලගතු සහ ආනුභාව සම්පන්න කාන්තාවන් 100 දෙනෙකුගෙන් යුක්ත ලැයිස්තුවක් පිළිබඳව BBC විසින් අනාවරණය කර තිබේ.
මෙය 2022 වර්ෂයට අදාළව සිදුකර තිබෙන වාර්තාවක් වන අතර මෙම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකීය කතක් වන සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
BBC ය විසින් මෙම සන්ධ්‍යා එක්නැලිගොඩ හඳුන්වා දී ඇත්තේ ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ උද්ඝෝෂකයෙකු වශයෙන් වන අතර ඇය සිය ආරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ භාර්යාවන්ට උපකාර කරන්නියක් ලෙස පෙන්වා දී ඇත.
ඇයගේ සැමියා වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ගවේෂනාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටූන් ශිල්පියෙකු වන ප්‍රගීත් එක්නැලිගොඩ වන අතර ඔහු 2010 වර්ෂයේ ජනවාරි මස අතුරුදහන් වී අති බව සඳහන් වේ.
මෙම ප්‍රගීත් එක්නැගිගොඩ රජය ප්‍රබල වශයෙන් විවේචනයට භාජනය කළ අයෙක් වන අතර ඔහු විසින් දෙමළ කොටි බෙදුම්වාදීන්ට සිදු වූබව පවසන අපයෝජන පිළිබඳව විමර්ශන සිදුකර ඇත.
2010 වර්ෂයේදී සිය සැමියා අහිමි වන විට මෙම සන්ධ්‍යා එක්නැලිගොඩ දෙදරු මවක්ව සිට ඇති අතර ඇය යුක්තිය ඉල්ලා අරගල සිදු කර තිබේ.මෙහිදී සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් සිය සැමියා පැහැරගත් බවට එවකට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් වගකිව යුතු බව කියමින් චෝදනා එල්ලකර ඇත.
යුක්තිය ඉල්ලා හැඬුව ද යුක්තියක් හිමි වන්නේ නැති නම් අවසන ඔවුන් නිහඬව ස්වභාව ධර්මයේ යුක්තිය වෙනුවෙන් අපේක්ෂාවෙන් යුතුව බලා සිටියි.මැය ද එවැනි දිරිය කතකි.ඇයගේජීවිත කතාව තුළින් අපට වැටහුම් වන්නේ නම් ඇය ඇයටම දිරියක් වෙමින් ශක්තිමත්ව නැගී සිටිමින් ලොව ආදරණීයන් අහිමිව ගිය පිරිසටද පිළිසරණක්ව ඔවුන් වෙනුවෙන් නැගීසිටින දිරිය කතක් වශයෙනි.
සැබවින් ම ඇය එසේ විය යුතුය.මක්නිසාද යත්, නැතිනම් ලොවක් ඉදිරියේ මෙවැනි බලගතු කතක් වීමට හැකියාවක් නොමැත.ඇයගේ බලය ඇයගේ හදවතේ ඇයට සිදු වූ අසාධාරණය වෙනුවෙන් බුර බුරා නැගෙන දුක් අඳෝනාව වුවත් ඇය එය ඇය මෙන්ම ආදරණීයන් අහිමිව පීඩා විඳින ප්‍රජාව වෙනුවෙන් ධනාත්මකව යොදා ගනියි.