ආදායම් බදු වංචාවක් සම්බන්ධයෙන් ලොව ප්‍රකට ගායිකාවක් වන ෂකිරාට එරෙහිව චෝදනා එල්ලකර ඇත.
ඇයව අදාළ චෝදනාව සම්බන්ධයෙන් වගඋත්තරකාරියක් කර ඇති අතර ඉන් කියවෙන්නේ ෂකිරා ඩොලර් මිලියන 14.31ක් ආදායම් බදු වශයෙන් ගෙවීම පැහැරහැර ඇති බවයි.
ඇයට මෙම චෝදනාව ස්පාඤ්ඤයේ අධිකරණයක් මගින් ගොනු කර ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 45ක කොලොම්බියානු ජාතික ෂකිරා මෙම චෝදනාව ප්‍රතික්ෂේපකර ඇති අතර ඒ අනුව ඇයට ඒ සම්බන්ධ නඩු විභාගයට මුහුණදීමට සිදුවනු ඇත.
මෙම චෝදනාව සඳහා වැරදිකාරිය වුවහොත් ඇයව වසර 08ක් සඳහා බන්ධනාගාරගත කිරීමට පවා අධිකරණයට හැකියාව පවතියි.
ෂකිරා 2012 සිට 2014 තෙක් කාලය සඳහා අදාළ ආදායම් බදු ගෙවා නොමැති බවයි අධිකරණයේ ගොනුකර ඇති චෝදනාවල සඳහන් වන්නේ.















































