ලෝක අමද්‍යප දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් 03 වන දින වන අද දිනටය.
මධ්‍යසාර භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයින් 20,000ක් පමණ සංඛ්‍යාවක් මියයන බව මේ වන විට වාර්තා වී ඇත.
ඒ අනුව දිනකට මෙම මද්‍යසාර භාවිතය හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ මියයන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසා ඇත.
අද දිනට යෙදී ඇති මෙම ලෝක අමද්‍යප දිනය පාදක කරගනිමින් දිවයින පුරා සියලුම සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබීමට කටයුතු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.