ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව අද (30) දිනයේ පැවැත්වීමට නියමිත පෙරහුරු තරග දෙකට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දියාව සහ එංගලන්තය අතර තරගයත් ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරගයත් ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට සිදුවනු ඇතැයි තරග තීීරකරුවන් පවසා තිබේ.
ඉන්දියාව සහ එංගලන්තය අතර තරගය ගුවාති හි බරස්පාරා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත බව සදහන්.
ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරගය පැවැත්වීමට නියමීතව ඇත්තේ තිරුවන්නාපුරම් හි ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.
වර්ෂාව හේතුවෙන් ඊයේ (29) දිනයේ ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අතහැර දැමීමට සිදුවූ බව සදහන්.