ලෝක වනජීවි දිනය සැමරීම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩසටහන් කිහිපයක් සංවිධාන කර ඇති අතර,එහි ප්‍රධාන වැඩසටහන මන්නාරමේදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ,බස්නාහිර වනජීවි කලාප කාර්‍යාල වැඩසටහනක් ගාලු මුවදොර මුහුදු තීරයේදි උදෑසන 9 සිට 11 දක්වා පැවැත්වූ බවට වාර්තා වේ.
මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවින්ගෙන් සිදුවන පාරිසරික,ජානමය,ආර්ථිකමය,විද්‍යාත්මක,අධ්‍යාපනික සංස්කෘතික සහ සෞන්දර්‍යාත්මක වටිනකම් ඇගයීමට ලක් කෙරෙමින් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2013 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර වනජීවි සංරක්ෂණය සදහා හවුල්කාරිත්වය යන්න මෙවර තේමාවයි.














































