බොරතෙල් මිල ලෝක වෙළඳපොළ තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ද ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ 2014 වසරට පසුව වාර්තා වූ වැඩිම මිල මෙය බවයි.
ඊට හේතුවී ඇති කරුණක් වශයෙන් නැගෙනහිර යුක්‍රේනය හමුදා ක්‍රියාන්විතයක් අරඹන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කිරීම බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.












































