English
සිංහල
21:53 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වජිර අබේවර්ධන පම්පෝරි ගසයි. ජනාධිවරයා උපහාසයට ලක් කරයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි ගැටළු මැදින් ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීමේ කටයුතු සිදුකරමින් සිටි. එය දැඩි ඉවසිල්ලකින් “ගිරයට අහු වූ පුවක් ගෙඩියක්” සේ සිත කටයුතු කරනු ඇති බව අපටද පැහැදිලිවම පෙනේ. එක පැත්තකින් ලංකාවේ දේශපාලන විරෝදින්ය. තවත් පැත්තකින් පවතින දේශපාලනයෙන් පීඩා විදින මිනිසුන්ගේ ගැටළු අසාධාරණයට ලක් වූ මිනිසුන් විවිධ සංවිධාන හරහා තම යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තරය සමග සටන් කිරීමය. එසේම තවත් පැත්තකින් දේශපාලනය කරන රාජ්‍ය සේවයේ මාෆියාව සහ අරගලයේ සාමාජිකයන් අත් අඩංගුවට ගැනීම නිසා රජයට එරෙහිව සිදුවෙමින් පවතින නවතම උද්ඝෝෂන මාලාවක සලකුණුය.

    ඔහු එම සියලුම ප්‍රශ්න මනාව කළමනාකරණය කරමින් සිටින අතර තුර ජනාධිපතිගේ ලඟම හිතවතෙකු සහ බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සමීප හිතවතෙකු බව කියවෙන එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලේ “ රනිල් වික්‍රමසිංහ මහතා දුටු විට ලෝකයේ රටවල් භය ඇති” බවයි.

    පවතින ගැටළු වලට මෙන්ම මැයි 9 වැනිදා මෙන්ම මාර්තු මස 31 වැනිදා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මෙන්ම මැයි 9 වැනිදා සිද්ධියේ ප්‍රධානතම චුදිතයෙකු වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකර “ජාත්‍යන්තර සංවිධානවල අවශ්‍යතාව පරාජය කරන්නට නම්, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එකට සිට ගත යුතු බව” ඔහු සදහන් කරයි. රට තුල නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වුයේ නම් ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට බලපෑම් නොකරන බව ඔවුන් තවමත් තේරුම් ගෙන නොමැති බව පැහැදිලිවම පෙනෙන්නේ ඔවුන්ගේ එම ප්‍රකාශයන් වලිනි.

    ඔහු එහිදී වැඩි දුරටත් සදහකරන්නේ, “ලෝකය සමග සටන් කළ හැකි නායකයෙකු වාසනාවකට ජනාධිපති ධූරයට පත්ව ඇති බව,” ත් ඉන් ප්‍රයෝජන ගත යුතු බව ත් ය. කෙසේ වෙතත් ලෝකය සමග සටන් කිරීමට පෙර රට තුල නීතිය ක්‍රියාත්මක කිරීම නිසි ලෙස සිදුකලේ නම් වර්තමාන ජනාධිපතිවරයාට “ ගිරයට අසු වූ පුවක් ගෙඩියක් සේ” සිටිමින් මෙතරම් නින්ද අපහාස සහ ගැටළු වලට මුහුණ දීමට සිදු නොවනු ඇත.

    එහිදී ඔහු තව දුරටත් සදහන් කලේ විවිධ රටවල් කිහිපයක් සදහන් කරමින් ඔවුන් පුරවැසියන් ලෙස සිට ගන්නා බවයි. ඒ අනුව “ශ්‍රී ලංකාවේ පුරවැසියන්,  විශේෂයෙන් ම දේශපාලන කණ්ඩායම්වලට බලපෑම් කළ යුතුයි. ඒ අයට අවශ්‍ය විධියට හැසිරීමට ඉඩ නොදිය යුතුයි. ශ්‍රී ලංකාවේ මහ ජනතාව දිගින් දිගට ම ප්‍රකාශ කරන්න ඕන දේශපාලන පක්ෂ නායකයින්ට එකමුතු වෙලා ජාතික වැඩසටහනකට එකඟ වෙන්න කියලා”, ලෙසයි. එම අදහස නම් ඉතාම වටිනා සහ විය යුතුම දෙයක් වන නමුත් ශ්‍රී ලංකාවේ වැසියන් එසේ ඉල්ලා සිටිමින් සිදුකල අරගලය ක්‍රියාත්මක වුයේ එයටය. එය දිය කර හැර, ඔවුන පාගා දමා කටයුතු කිරීමෙන් ජනතාව එය ඉල්ලන්නේ කෙසේද යන්න ඔවුන් දැක නැත. ජනතාව තවමත් ඉල්ලන්නේ එසේ ඔහු සදහන් කල අකාරයේ වෙනසකි. එසේම ජාතික ප්‍රතිපත්තියකි.

    කෙසේ වෙතත් රනිල වික්‍රමසිංහ යනු පාලනයේ දක්ෂයෙක් බව සදහන් කල යුතුය. එම දක්ෂතාවය නිසාම ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන අධිකාරිය සිදුකලේ ඔහුට “බෑ” යන වචනය සමාජ ගත කිරීමටයි.

    ඔහු තව දුරටත් සදහන් කලේ “ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වයක් දැන් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා දුටුවම ලෝකයේ රටවල් බය ඇති. එතුමා දුටුවම ලෝකයේ රටවල් එතුමා ගැන සැක හිතනවා ඇති. හැබැයි ඒ සැක හිතන්නෙත්, බය තිබෙන්නෙත් දන්නවා එතුමාට රටක් හසුරුවලා ඒ රට ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන් කියලා”. ලෙසයි. සමහර විට ඔහු ප්‍රකාශ කරන මේ “බය” පාලනයේ දක්ෂතාවය නිසා ශ්‍රී ලංකාව ඉහලට ගොඩනගාවි යන විදේශ රාජ්‍යයන්වල තිබෙන බියද වියහැකිය.

    ඔහු එහිදී තව දුරටත් කරනු දැක වූ නමුත් ඔවුන්ද දැන් කල යුත්තේ අරගලයට හේතු වූ සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි. නීතිය සමානව ක්‍රියාත්මක කල යුතුය. එසේ නොමැතිව දේශබන්ධුට එක නීතියක් ඔහුට පහරදුන් අයට තවත් නීතියක් සේ කටයුතු නොකළ යුතුය. එක්ෂත් ජාතික පක්ෂයට ඉදිරි මැතිවරණයකදී ජයග්‍රහණය ලබන්නට නම් ජනතාව ඉල්ලන වංචා, දූෂණ සිදුකල අයටද, ජනතාවට නිරපරාදේ පහරදුන් පුද්ගලයන්ටද විරුද්දව ඇතුළුව ජනතාව දුකේ තැබූ සියලුම දෙනාට විරුද්දව නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොමැතිව ඔවුන් බලාපොරොත්තුවන ඊ ලග මැතිවරණයක් ජයග්‍රහණය කිරීම ඔවුන්ට හීනයක් පමණක් වනු ඇත.

    ජනාධිපතිවරයා පත්වන විටම ජනතාව ඔහු ගැන දැඩි බලාපොරොත්තු තබාගෙන සිටියේය. තරුණ පරපුර පවා එසේය. නමුත් ඔහු දිවුරුම් දුන් දිනම සිදු වූ ම්ලේච්ච ක්‍රියාවලිය නිසා එම බලාපොරොත්තුව වෙනුවට ජනතාවගේ හිතේ ඔහු ගැන තිබු ගෞරවය නැති වී ගියේය. නමුත් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම තුලින් එය නැවතත් ඇතිකර ගත හැකිය .කල යුත්තේ තව දුරටත් ජනතාව ඉදිරියේ ජනාධිපතිවරයා උපහාසයට ලක්වන දේ ප්‍රකාශ නොකර කල යුතු දේවල් මනාව තේරුම් ගෙන වැඩකරමින් ඔහුගේ නාමය ඔසවා තැබීම පමණි. පාලකයන් විසින් දූෂණය කල සමාජයක පම්පෝරි ගැසීමෙන් සිදුවන්නේ ජනාධිවරයා කරගෙන යන වැඩපිළිවෙල පවා අපකීර්තියට ලක් වීමයි.  

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version