ලොව බොහෝ ප්‍රදේශ වල වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ක්‍රියා විරහිත වී ඇති බව පරිශීලකයින් සඳුදා රාත්‍රියේ වාර්තා කළහ. ෆේස්බුක් සතු විශේෂාංග තුන වෙත අද රාත්‍රී 9 ට පමණ ප්‍රවේශ විය නොහැකි බව පවසමින් බොහෝ දෙනෙකු ට්විටර් ඔස්සේ පණිවිඩ පළ කළහ. ඉන්දියාවේ මිලියන 400 ක පමණ ජනතාවක් මෙම විශේෂාංග එකක් හෝ කිහිපයක් භාවිතා කරති.
ෆේස්බුක් සන්නිවේදන විධායක ඇන්ඩි ස්ටෝන් විසින්ම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය වේලාවෙන් රාත්රී 9.37 ට මෙම පණිවුඩය පළ කරමින් කියා සිටියේ : “අපේ යෙදුම් සහ නිෂ්පාදන ලබා ගැනීමේදී සමහර පුද්ගලයින්ට ගැටලු පවතින බව අපි දනිමු. හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් වීමට අපි කටයුතු කරන්නෙමු. තවද, අපහසුවක් සිදු වුවහොත් ඒ ගැන සමාව අයදිමු. ” ලෙසය.
මේ වන විට ලොව පුරාම මෙම බිද වැටීම සිදුව තිබෙන අතර එය ගෝලීය වශයෙන් සිදුව තිබෙන බිද වැටීමක් බවාද පෙනෙන්නට තිබේ.
















































