සුරතල් සතුන්ගේ වට්ස්ඇප් සමූහයක් තුළ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම වට්ස්ඇප් සමූහයෙන් පුද්ගලයින් තිදෙනෙක් ඉවත් කර ඇති අතර එයට කෝපයට පත්ව එම ඉවත් කිරීම සිදු කළ පුද්ගලයාව ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීම පසුගිය 26 වනදා සිදු වූ බවයි .
මෙම ඝාතනය සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් මෙම ඝාතනය සිදු කළ සැකකාර තිදෙනා ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇති අතර දේශීයව නිශ්පාදිත පිස්තෝලයක් , ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථයක් , කාට් රිජ් දෙකක් පොලිස් භාරයට ගත් බව එරට විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරයි .
මෙම සැකකරුවන් අවුරුදු 23 , 26 , 30 යන වයස්වල පසුවන්නන් බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙන බවත් එරට පටවුඩ් පොලීසිය ප්‍රකාශ කළ බව කියයි.