අද (02) අලුයම අඹන්පොල පොලිස් වසමට අයත් මොරගහවෙල කුඹුරු යායේ නෙලා ගත් අස්වැන්න කුඹුරේ ආරක්ෂා කරමින් සිටි පුද්ගලයෙකුට වන අලියෙකු පහර දීමෙන් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මරණකරු මැඩියාව නිකවලයාය පදිංචි 56 හැවිරිදි වන්නිනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර නැමැත්තෙක් බව සදහන් වේ.