කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 15ත් 19ත් අතර ළමුන්ට ලබා දීම ආරම්භ කිරීම පිළිබඳව මේ සතිය තුළ දී ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදෙන බවයි යුද හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විවිධ රෝගාබාධ සහ සංකූලතාවයන්ගෙන් යුක්ත වයස අවුරුදු 12 – 19ත් අතර දරුවන්ට මේ වන විට එන්නත් ලබා දීමේ වැඩසටහන් සිදුවන අතර එම දරුවන්ට එන්නත් ලබා දීම අවසන් කළ වහාම වයස 15 – 19 අතර සියලු ළමුන්ට එන්නත් ලබා දීම ආරම්භ කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බවයි.
යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.















































