කැලණිතිස්ස විදුලි බලාගාරයේ කටයුතු ඊයේ (2) රාත්‍රියේ සිට නවතා ඇති බව වාර්තාවේ.
මෙම බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු මෙසේ නවතා දමා ඇත්තේ නැප්තා තොග නොමැති වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
බලාගාරයේ උසස් නිලධාරියෙක් පවසා ඇත්තේ මෙලෙස මෙම බලාගාරය අක්‍රිය වූයේ තෙල් සංස්ථාව සතුව නැප්තා ලීටර් මිලියන 2000 ක් තිබියදීත් එය ලබා නොදීම හේතුවෙන් බවයි.
ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 165 ක ධාරිතාවයක් ලබාදෙන මෙම බලාගාරයෙන් ඩීසල් බලාගාරයකට වඩා අඩු පිරිවැයකින් විදුලි ඒකකයක් නිශ්පාදනය කළ හැකි බවත් එම නිලධාරියා ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ .














































