මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ඉංග්‍රීසි ආධිපත්‍යයට එරෙහිව පැනනැඟුණු ඌව – වෙල්ලස්සේ නිදහස් සටනට අදට (නොවැ. 26) වසර 205ක් සපිරෙන අතර ඉංග්‍රීසි පාලකයන්ට එරෙහිව ඇරඹුණු මෙම පළමු නිදහස් සටනට නායකත්වය දුන් මොනරවිල කැප්පෙටිපොල මහාධිකාරම්, කිවුලෙගෙදර මොහොට්ටාල, බූටෑවේ රටේ රාල ආදී සිංහල නායකයන් රාජද්‍රෝහීන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන මරුමුවට පත් කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කර තිබේ.
වාර්තා වන ආකාරයට සිංහල තරුණයන් බොහෝ දෙනෙකුට මරු කැඳවූ මෙම සටන ජයග්‍රහණයකින් තොරව නිමා වුව ද අදත් මෙම වීරෝදාර රණවිරුවන් සමරනු ලැබේ.
2016 වසරේදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉංග්‍රීසි ආණ්ඩුව වෙල්ලස්සේ සටනේ නියමුවන් ජාතිද්‍රෝහීන් ලෙස හැඳින් වූ ගැසට් පත්‍ර දෙකක් අවලංගු කර ඔවුන් “දේශප්‍රේමීන්” ලෙස නම් කරනු ලැබිණි.
1818 නොවැම්බර් මස 26 දා කන්ද උඩරට බෝගම්බරදී කැප්පෙටිපොල නිලමේතුමාට මරණ දඬුවම ලබා දීමට ඉංග්‍රීසින් කටයුතු කළ අතර එම අවස්ථාවේ ඔහු පෙන්වූ අභීතභාවය හේතුවෙන් ඔහු ඉංග්‍රීසීන්ගේ දැඩි අවධානයට ද පාත්‍ර වූ බව තවදුරටත් වාර්තා වේ.














































