English
සිංහල
03:35 සඳුදා, ඔක්තෝබර් 27, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වසර 43ක් පැරණි ජාතික පරිසර පනත යාවත්කාලීන කිරීමට ජනපති ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි – පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ‍වසර 43ක් පැරණි ජාතික පරිසර පනත යාවත්කාලීන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය අගය කරන බව පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා පැවසීය.

    ජනාධිපතිවරයාගේ අදහසකට අනුව මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය තුළින් මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

    පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා එම අදහස් පළ කළේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් අද (05) ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි.

    2048 හරිත ආර්ථිකයක් කරා ගමන් කිරීමේ ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළට සමගාමීව 1980 අංක 47 දරන ජාතික පරිසර පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත මේ වන විට නීති අංශ වෙත යොමු කර තිබේ.

    ඊට අමතරව සිංහරාජය, හෝර්ටන්තැන්න, නකල්ස් කඳුවැටිය සහ මහවැලිය ජීවමාන අස්ථීත්වයන් (living entities) නම් කරමින් නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර ඇත.

    මෙම නව ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා පැවසුවේ ජපානය, නවසීලන්තය වැනි රටවල්වල මෙවන් ප්‍රතිපත්ති අනුගමනය කරන බවත්, එම නිසා එම රටවල්වල පුරවැසියන් පරිසරය මිනිසෙක් ලෙස සලකා සුරැකීමට කටයුතු කරන බවත්ය.

    පරිසරය පුළුල් විෂයක් බවත්, අපේ රටේ සම්පත් ආරක්ෂා නොකළහොත් ඉදිරි පරපුරට රටක් ඉතිරි නොවන බවත්, පරිසරය පිළිබඳව සමාජයේ පවතින දැනුම වැඩිදියුණු කරගත යුතු බවත් බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බණ්ඩාරනායක මහතා

    පරිසරය කියන්නේ පුළුල් විෂයක්, සම්පතක්. පරිසරය ආරක්ෂා කිරීම තනි පුද්ගලයකුට කරන්න බැහැ. රජයකට විතරක් බැහැ. සමාජය එකට එක්ව පරිසරය වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍යයි. ඒ වගේම අපට හරිත ආර්ථිකයක් නොමැතිව ඉදිරියට යන්න බැහැ. මිනිස් ජීවිත පවා අහිමි වෙන්න පුළුවන්. පරිසරය ආරක්ෂා කිරීමට නීති, අණපනත් අවශ්‍යයි.

    පරිසරය කෙරෙහි තිබෙන ආකල්පමය වශයෙන් වූ වෙනස්කමක් සමාජයේ ඇති වෙමින් පවතිනවා. ව්‍යාපාරිකයන් පමණක් නොවෙයි, මහජනතාව පවා අලුත් අලුත් දේවල් අත්හදාබැලීම් සිදුකරන්න ඕන නිසා ‘පරිසරය’ කියන වචනය පැත්තකට දාලා තිබෙනවා. එනිසා පනත්වලට වඩා ඔබ අප පරිසරය කෙරෙහි දක්වන උනන්දුව කෙසේද කියා යළි සිතාබැලීමට කාලය එළැඹ තිබෙනවා.

    පරිසරය ආරක්ෂා කිරීම සඳහා වූ නීති පද්ධති දැනටමත් තිබෙනවා. එම නීතිවලට ගරු කරලා කටයුතු කරන්න අප කවුරුත් ඉගෙන ගත යුතුයි. සමාජ, පාසල්, පළාත් පාලන මට්ටමින් පවා මේ ගැන අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. ඒ වගේම අපට පරිසරය ගැන තිබෙන දැනුම ප්‍රමාණවත් නැහැ. සමාජය දැනුමින් සන්නද්ධ කිරීමට කුමක් හෝ ක්‍රමයක් සොයාගත යුතුයි. ඇතැම් පිරිස් පරිසරය කියන්නේ මොකක්ද කියලා දන්නෙ නැහැ. ඔවුන් හිතන්නේ පරිසරය යනු සතුන් කියලයි.

    ඊට වඩා බොහෝ දේවල් පරිසරයේ තිබෙනවා. ඒවා සියල්ල අප වැදගත් කියලා සලකන්නේ නොමැතිනම් පරිසරය ආරක්ෂා ‍වන්නේ නැහැ. මේ සියල්ලක්ම සම්බන්ධයෙන් සමාජයට දැනුමක් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක්. එසේම තරුණ පරපුර පරිසරය ගැන දැනටමත් උනන්දුවක් දැක්වීම යහපත් දෙයක්.

    පරිසරයේ වටිනා සම්පත් ජීවමාන අස්ථීත්වයක් ඇති වස්තූන් ලෙස නම් කිරීම ඉතාම වැදගත් අපූර්ව දෙයක්. සීගිරිය වගේ වස්තූන් විනාශ කරන්න බැහැ කියලා කවුරුත් දන්නවා. ඒ වගේම අපි නකස්ල් වැනි රක්ෂිත පවා ආරක්ෂා කරගත යුතුයි. ගස් කපා ව්‍යාපාර කරන්න ගියොත් විශාල හානියක් සිදු වෙනවා. රටේ වටිනා සම්පත් ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගනු ලබන එම ව්‍යායාමය ඉතා වැදගත් කාලෝචිත ක්‍රියාවක්.

    ඉස්සරට වඩා අද උෂ්ණත්වය වැඩියි. මම තරුණ කාලයේ තිබූ අත්දැකීම් එක්ක වහින විදිහත් වෙනස් වෙලා. මෙහෙම ගියොත් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ.

    දේශගුණික විපර්යාස තමයි මේ තත්ත්වයන්වලට හේතුව. මට දැන ගන්න ලැබුණා ජනාධිපතිතුමා ලබන වසරේදී දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් මෙරට ආරම්භ කරන්න සූදානම් වෙනවා කියලා. ඒක නිසා මුළු ලෝකයේම අවධානය අපට ලැබේවි. වෙනත් රටවල්වල සිටින විද්‍යාඥයන්ට අපේ රටට ඇවිත් පර්යේෂණ කරයි. ඒක හොඳ ප්‍රවණතාවයක්. දැනුම වැඩි වුණොත් තමයි මේ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කරන්න පුළුවන්.

    පොතපතට පමණක් සීමා නොවී, ප්‍රායෝගිකව පාසල් මට්ටමින් පරිසර විෂය ක්‍රියාත්මක විය යුතුයි. මේ සෑම දෙයක්ම එක දවසින් වෙවනස් කරන්න බැහැ. ඒ සඳහා යම්කිසි ඉලක්කයක් හරහා ගමන් කළ යුතුව තිබෙනවා. සතුන්, කෘමීන්, ගස් කොළ ඇතුළුව අපේ පරිසරයේ වටිනා සම්පත් ආරක්ෂා කරගත යුතුයි. ස්වයං විනයක් ඇතුව අපි එය කළ යුතුයි.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා සමග පැවැත්වූ ‘1O1 කතා’ වැඩසටහනට අදාළ වීඩියෝ දර්ශන මෙම සබැඳිය (https://youtu.be/1-SvT53mBk8) ඔස්සේ ලබා ගත හැකිය.

    1O1 කතා වැඩසටහන ඔස්සේ පල කෙරෙන නව තොරතුරු ලබා ගැනිම සදහා 1O1 කතා වට්ස්ඇප් සමුහයට මෙම සබැඳියෙන් (https://tinyurl.com/101Katha ) එක්වන්න.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version