85 හැවිරිදි වියේ පසු වූ මෙහෙණින් වහන්සේ නමක් පෙරේදා (23) පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ පොල් වත්තක කපා තිබූ වළකට වැටී අපවත් වූ බව වාර්තා වේ.
මෙම මෙහෙණින් වහන්සේ වයෝවෘද්ධ වන අතර මෙහෙණින් වහන්සේගේ දියණිය විසින් ඇගේ නිවසට කැදවාගෙන විත් ඇප උපස්ථාන කරමින් වසර දෙකක පමණ කාලයක් මෙහෙණින් වහන්සේ දියණියගේ නිවසේ වැඩ සිටි බව වාර්තා වේ.
එම නිවස පිහිටි පොල් වත්තේ පොල් පැළ වලට වතුර දැමීම සදහා කපා තිබූ වළකට මෙම මෙහෙණින් වහන්සේ වැටී අපවත්ව ඇති අතර එම අවස්ථාවේ මෙහෙණින් වහන්සේගේ දියණිය සහ ඇගේ සැමියා නිවසේ සිට නොමැති බව කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ.
 
	    	



























 
		    

















