“ ව්‍යවසාය “ අලෙවි හා අධ්‍යාපන ප්‍රදර්ශනය ලබන 31 වනදා සිට දින තුනක කාලයක් බණඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම ප්‍රදර්ශනය තරුණ ව්‍යවසායකයින් දිරිගැන්වීමේ අරමුණින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇති බව සදහන් කරයි. මෙම ප්‍රදර්ශනයට දේශීය ව්‍යවසායකයින් 300 කට පමණ ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර මෙම ප්‍රදර්ශනයේදී විසිතුරු නිර්මාණ , බෑග් , සපත්තු , වගාවන් , ආහාර , ඇගලුම් , ආභරණ , ආයුර්වේද නිශ්පාදන ආදී තම නිශ්පාදන ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණැසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.














































