ව්‍යාජ ලෙස පී.සී.ආර් වාර්තා සකස් කළ පුද්ගලයින් තිදෙනෙකු කොච්චිකඩේ ,පෝරතොට ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයන් අතඅඩංගුවට ගැනුණු අවස්ථාවේදී ද ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද පී.සී.ආර්.වාර්තා 17, පරිගණකයක්, ජංගම දුරකථන 05ක් සොයාගෙන ඇත.
ඊයේ (23) දිනයේ ලද වැටලීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ වැටලීම සිදුකර ඇත.
අදාළ සැකකරුවන් වයස අවුරුදු 21 සහ 37 හැවිරිදි වියේ පසුවන රද්දොලුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මෙලෙස විදේශගත වන පුද්ගලයින් සඳහා මෙම ව්‍යාජ පීතසීතආර්.වාර්තා සකස් කර දී ඇත.